Colombo Today Local News

අමරවීර-දුමින්ද මහලේකම් ධුරවලින් ඉවත් කරන්න මධ්‍යම කාරක සභාවට යෝජනාවක් !

ශ්‍රීලනිපයේ මහලේකම් තනතුර සහ උප ලේකම් තනතුර වෙනස් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ගෙන ඒමට ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් සලසුම් කර තිබේ.

ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයෙන් පසුව පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධූරය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දරණ අතර උපලේකම්වරයෙකු ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා කටයුතු කරයි. එමෙන්ම සන්ධාන මහලේකම් ධුරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉවත් කළයුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබෙන බවද පැවසේ.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කර තිබියදී කිසිදු හේතුවක් නොමැතිව ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමේ තීරණය මහලේකම්වරුන් දෙදෙනා විසින් තනි කැමැත්තට තීරණය කිරීම මූලික කරගනිමින් මොවුන් තනතුරුවලින් ඉවත් කළයුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මතයක් නිර්මාණයවී තිබෙන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කියා සිටිති.

Related posts

වරායේ සිරවී ඇති සහල් කන්ටේනර් නිදහස් කර ගන්න ඩොලර්

colombotoday

ඇපමත මුදාහැරී රාජිත යලි ලෙඩක් දා ගනී.. සජිත් ප්‍රේමදාස බන්ධනාගාරයේදී දිනපතා දුරකථනයෙන් කතා කරලා

colombotoday

“උඩින් පෙන්නපු තරම් සෙනග නෑ.. මහින්දට තරහ ගිහින් කතාවත් පැටළුනා“ – එස්.බී

colombotoday

ජනාධිපති ලේකම් කථානායකට බොරු කියයි…

colombotoday

වැඩ බැරි ටාසන්ලා හා ව්‍යවස්ථා ගැටය…

colombotoday

ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකසන්න අනුමැතිය

Admin