Colombo Today Local Newsextremism & terrorism activities

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ චෝදනා: ජර්මනිය තහනම් කල අන්සාර් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාවේ අල් හික්මා පදනමටත් මුදල් දීලා.

ගෝලීයව ත්‍රස්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් ජර්මානු රජය පසුගිය (5) අන්සාර් ඉන්ටර්නැෂනල් (Ansaar International) නැමති මුස්ලිම් සංවිධානය තහනම් කර ඇති බවට පුවතක් Colombo Today අප විසින් වාර්තා කරන ලදි.

ෂෙයික් අබ්බාස් ඉබදුල්ලාහ්

මෙසේ තහනමට ලක්වූ සංවිධානය ශ්‍රී ලංකාවේ කින්නියා මූලික කරගෙන ක්‍රියාත්මක වන අල් හික්මා පදනම (Al-Hikma Foundation) වෙත මුදල් සපයා තිබෙනවා.

ෂෙයික් අබ්බාස් ඉබදුල්ලාහ් (Sheikh Abbas Ibadullah JP) නමැති පුද්ගලයෙකු අල් හික්මා පදනමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් වරක් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවට කින්නියා ජනතාව ප්‍රකාශ කර සිටියි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කල ව්‍යාපෘති පිළිබඳව අන්සාර් ඉන්ටර්නැෂනල් වෙබ් අඩවියේ සඳහන් කර ඇති අතර අප සිදුකල විමර්ශනයකදී එම ඡායාරූප අල් හික්මා පදනමට අදාළ Facebook පිටුවෙන් ද හමුවිය.

ජර්මානු ප්‍රාන්ත 10 ක අන්සාර් ඉන්ටර්නැෂනල් (Ansaar International) හා සම්බන්ධ ගොඩනැගිලි වැටලූ බව ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පසුගිය 5 වනදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලදි.

සිරියානු අල්කයිඩා අනුබද්ධිත නුස්රා පෙරමුණ, පලස්තීන කන්ඩායම වන හමාස් සහ සෝමාලියාවේ අල්-ෂබාබ් වැනි කණ්ඩායම්වලට මූල්‍ය උපකාර කිරීම සඳහා සංවිධානය විසින් එකතු කරන ලද මුදල් යොදා ගත් බව එම අමාත්‍යාංශය චෝදනා කර ඇත.

“අන්සාර් ඉන්ටර්නැෂනල් සංවිධානය සහ එහි උප සංවිධාන තහනම් කරන ලදී. මෙම ජාලය ගෝලීය වශයෙන් ත්‍රස්තවාදයට අරමුදල් සපයන්නේ එහි පරිත්‍යාගයන් මගිනි ”යනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ට්වීට් පණිවුඩයක් ද නිකුත් කර ඇත.

පොලිස් නිලධාරීන් දහසකට වැඩි පිරිසක් ජර්මනිය පුරා ගොඩනැගිලි සහ කාර්යාල ස්ථාන වැටලූ අතර යුරෝ 150,000 ක් (ඩොලර් 180,000) රාජසන්තක කළහ.

අන්සාර් ඉන්ටර්නැෂනල් සංවිධානය ලෝකය පුරා සලාෆි දෘෂ්ටිය පතුරුවා හරින අතර මානුෂීය උපකාර ලෙස හඳුන්වමින් ලොව පුරා භීෂණයට මුදල් සපයනු ලබයි.

තහනම් සංවිධානය ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම පිළිබඳව සැකසූ වීඩියෝවක්

Related posts

කොරෝනා මරණ 426ක් වේ ආසාදිතයන් 20000 ඉක්මවයි !

colombotoday

චන්දන ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සහරාන් සමග අන්තවාදය ප්‍රවර්ධනය කල විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු අත්අඩංගුවට

colombotoday

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිණිය අංගොඩට

colombotoday

පාර්ලිමේන්තුවට කුණු පලතුරු.. අල්ලස් ගත් නිලධාරියා රිමාන්ඩ්

colombotoday

කොළඹ – මහනුවර මාර්ගයත් සම්පුර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවයක්

colombotoday