Colombo Today Local News

මම 10 පාරක් නීති විභාගය ෆේල්. – අසමත්වීම් රැසක් මධ්‍යයේ උත්සාහයෙන් ජීවිතයෙන් සමත් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ

තමන්ගේ අතීතය තවත් කෙනෙක් සමග බෙදා ගැනීමට උසස් තනතුරු දරන බොහොමයක් දෙනා අකමැති වෙති.

නමුත් උත්සාහයේ කෙලවර ජයග්‍රහණය බව තමන්ගේ ජීවිත කතාවෙන් උපුටා දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජනතාව අතරට එන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා විසින් සිදුකරන ප්‍රකාශයක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතියි.

එම වීඩියෝවට අනුව වෛද්‍යවරයෙකු වීමේ සිහිනයෙන් විද්‍යාව අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අජිත් රෝහණ මහතාට එම සිහිනය යථාර්තයක් කරගැනීමට හැකිවී නැත. පසුව ඔහු පොලිස් සේවයට එක්වී ඇත. ඉන් පසු නීතිඥවරයෙකු වීම සඳහා තීරණය කර විවෘත විශ්වවිද්‍යාලයේ සහ නීති විද්‍යාලයේ ඇතුලත් වීමේ විභාග 10 සැරයක් කිරීමට සිදුව ඇත්තේ එම විභාග අසමත්වීම හේතුවෙනි.

පසුව LLB උපාධිය සඳහා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුලත්වීමේ අවස්ථාව ලැබී ඇත. එහිද එක් වරක් අසමත් වී ඇත. උපාධිය අවසානයේදී නීති විද්‍යාලයට ඇතුලත් වී ඇති අතර එහිද වරක් අසමත් වී ඇත. පසුව LLM උපාධිය හදාරා ඇති අජිත් රෝහණ මහතා එහිද එක් වරක් අසමත් වී ඇත.

අසමත්වීම් රැසක් මධ්‍යයේ උත්සාහයෙන් ජීවිතය සමත් කර ගත් අජිත් රෝහණ මහතා සියලු දෙනාටම මහත් ආදර්ශයකි. ඉදිරි කටයුතු සඳහා ඒ මහතාට සුභ ප්‍රර්ථනා කර සිටිමු.

Related posts

රනිල්ට හිතුවක්කාරකමට ETCA අත්සන් කරන්න දෙන්නෑ.. සහය දීමගැන ශ්‍රීලනිපය තීරණයක් ගෙන නෑ

colombotoday

මලික් – කබීර් බැදුම්කර කොමිසමට කැදවයි.. ජනපති හමුවෙයි.. අගමැතිගෙන් උපදෙස් ඉල්ලයි !

colombotoday

ඊයේ ඇරඹු ඉන්දීය ගිලන් රථ සේවයේ රියක්, අද මහ මගදී ලෙඩ වෙයි !

colombotoday

චාරයක් නැති තෙවරප්පෙරුම වැනි ඇමැතිලාගේ බුද්ධි මට්ටම පිළිබඳ රටක් ලෙස අප ලැජ්ජා විය යුතුයි.

colombotoday

ක්‍රීඩා ඇමතිගේ රගර් ස්ථාවරකරණ කමිටුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව නොපිළිගනී

Admin

HNDA ඩිප්ලෝමාව උපාධිය හා සම තත්වයට

colombotoday