ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සපයන වෙබ් අඩවි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීම පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ අතරතුර මෙම වෙබ් අඩවි පිළිබඳව අවධානය යොමු කර ඇත.