Colombo Today Local Newsextremism & terrorism activities

ලංකාවට යැව්වොත් අත්අඩංගුවට ගනිවී, රඳවා තබා ගනිවී, වධ හිංසාවලට මුහුණ දීමට සිදු වේවි. – නවසීලන්ත ප්‍රහාරකයා අධිකරණයට කියලා.

නවසීලන්තයේදී පිහි ඇණුම් සිදුකළ ඉස්ලාමීය රාජ්‍ය අනුග්‍රහය ලත් ශ්‍රී ලාංකේය ජාතික අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන් නමැති ත්‍රස්තයා රටින් පිටුවහල් කිරීමට නවසීලන්තය වසර ගණනාවක් පුරා උත්සාහ ගත් බව අගමැති ජසින්ඩා ආර්ඩෙන් හෙළිදරවු කළාය.

ඔහුගේ සරණාගතභාවය අවලංගු කිරීමෙන් පසු 2019 අප්‍රේල් මාසයේදී ඔහුව රටින් පිටුවහල් කිරීමේ දැන්වීමක් ලබාදී තිබුණත්, නීතී ක්‍රියාවලිය දිග්ගැස්සෙද්දී සම්සුදීන් නමැති ත්‍රස්තයා පසුගිය සිකුරාදා ඕක්ලන්ඩ් හි සුපිරි වෙළෙඳ සැලක රාක්කයකින් පිහියක් ගෙන හත් දෙනෙකුට පහර දුන්නේ, තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකරමිනි.

සිය මාධ්‍ය හමුවේදී සැම්සුදීන්ගේ නමින් ආමන්ත්‍රණය නොකර “ත්‍රස්තවාදියා” ලෙස ප්‍රහාරකයාව හැඳින්වූ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන්, නීතිමය ප්‍රමාදය මධ්‍යයේ පවා ඔහුව පිටුවහල් කිරීමට නවසීලන්තය ගත් පියවර ගැන විස්තර කළාය.

සම්සුදීන් 2011 වසරේදී ශිෂ්‍ය වීසා මත 22 හැවිරිදි තරුණයෙකු ලෙස නවසීලන්තයට පැමිණ ඇති අතර, ඉන් වසර දෙකකට පසු සරණාගතභාවය ඔහුට හිමිව තිබේ. 2016 දී ඔහු පොලිසියේ සහ බුද්ධි අංශවල අවධානයට ලක්ව තිබුණේ ත්‍රස්ත ප්‍රහාර සාධාරණීකරණය කර සිය ෆේස්බුක් ගිණුමේ පෝස්ට් පළ කිරීමෙන් පසුවය.

එමෙන්ම ඔවුන්ගේ පරීක්ෂණවලදී මෙම ත්‍රස්තයා සරණාගතභාවය වංචනිකව ලබාගෙන තිබූ බවද පැහැදිලි වූ අතර, එම ක්‍රියාවලිය නවසීලන්තයේ රැඳී සිටීමේ ඔහුගේ අයිතිය අවලංගු කිරීමට පටන් ගත් බව ආර්ඩෙන් පැවසීය.

ඊළඟ වසරේදී ඕක්ලන්ඩ් ගුවන් තොටුපලේදී ඔහු සිරියාව බලා පිටත්ව යෑමට සූදානම් වන බවට සැක කරමින් අත්අඩංගුවට ගත් අතර, ඔහුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී පොලීසිය විසින් විශාල රම්බෝ පිහියක් සහ ISIS ප්‍රචාරයට සම්බන්ධ ද්‍රව්‍ය සොයා ගත් බව අධිකරණ ලේඛන පවසයි.

නවසීලන්තයේ සිටියදී තමා දෙමළ මුස්ලිම්වරයෙකු ලෙස හඳුන්වා දී තිබූ සැම්සුදීන් නමැති ත්‍රස්තයා, තමන්ව රටින් පිටුවහල් කිරීමේ සූදානම ගැන අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි. එහිදී යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළහොත් “ශ්‍රී ලංකාවේදී තමාව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ වධ හිංසාවලට මුහුණ දීමට සිදුවෙනවා” යැයි ඔහු අධිකරණයට පවසා තිබුණි.

“හේතු ගණනාවක් නිසා 2021 මැයි මාසයේදී අපරාධ නඩු විභාගය අවසන් වනතුරුත්, මෙම ත්‍රස්තයා පිටුවහල් කිරීමේ අභියාචනය ඉදිරියට ගෙන යාමට නොහැකි වුණා” අගමැතිනී ආර්ඩෙන් පැවසීය. “මේ අතරතුර, මේ ත්‍රස්තයාගෙන් සමාජයට ඇතිවිය හැකි අවදානම ගැන ආරක්ෂක නියෝජිත ආයතන සැලකිලිමත් වුණේ, ඔහුව පිටුවහල් කිරීම නැවැත්වීම සඳහා යොමුකර තිබූ අභියාචනයට යම් කාලයක් ගත විය හැකි බව දන්නා නිසයි.”

එසේම නවසීලන්තයේ යල් පැනගිය ත්‍රස්තවාදය මර්දන පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වී තිබූ අතර, මෙම නව තත්ත්වය තුළ නවසීලන්තයේ ත්‍රස්ත විරෝධී නීතිය වෙනස් කිරීම මාසය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ආර්ඩෙන් පැවසීය.

මොහු ඝාතනය කර තත්ත්වය පාලනය කිරීමේ සිද්ධිය ගැන අදහස් දක්වමින් නවසීලන්ත පොලිස් කොමසාරිස් ඇන්ඩෘ කොස්ටර් පැවසුවේ ප්‍රහාරය එල්ල වීමට පෙර එම පුද්ගලයාගේ ක්‍රියාවන්හි කිසිදු අසාමාන්‍යතාවක් ප්‍රකට නොකළ බවයි. ඔහු පසුගිය කාලයේ සාමාන්‍ය සිල්ලර බඩු සාප්පු සවාරි යන බවක් පෙන්නුම් කර තිබුණි.

කෙසේ වෙතත් දිගින් දිගටම ඔහුව නිරීක්ෂණය කළද, පොලීසිය යම් දුරකින් සිට මෙය සිදුකළ බව පැවසූ කෝස්ටර් මෙම ත්‍රස්තයා පිහි ඇණුම් ප්‍රහාරය සිදුකළ විනාඩි දෙකකට වැඩි කාලයකින් ඔහු වෙත ක්ෂණිකව ළඟාවී ඔහුව වෙඩි තබා ඝාතනය කළ බව සඳහන් කළේය.

Related posts

සාමකාමී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් සැකකරුවෙකු කරමින් CIDයෙන් අධිකරණයට බී වාර්තාවක්

colombotoday

සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීම පිළිබදව අවධානය.

colombotoday

අලුත් ව්‍යවස්තාවට ජනමතවිචාරණයක්.. දෙමළ, මුස්ලිම් දැනටමත් කැමතියි.. සිංහලයන් කැමති කරගන්නවා

colombotoday

උතුරු ආණ්ඩුකාරවරයා බුද්ධාගම්කරණයක් ගැන මා සමග ප්‍රකාශ කළේ නෑ – සිලෝන් ටුඩේ මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා

colombotoday

නීති විරෝධීව අපනයනයට සූදානම් කර තිබූ හක් බෙල්ලන් තොගයක් රේගු භාරයට

colombotoday

ප්‍රධාන නඩු භාණ්ඩ ගබඩාවේ තිබි අධිකරණයට ඉදිරිපත් නොකළ හෙරොයින් සහ අයිස් කිලෝ 600ක තොරතුරු හෙළිවේ

colombotoday