Colombo Today Local News

බැදුම්කර “හොරු ඇල්ලීම” අගමැති අතට ගනී.. මහබැංකු අධිපතිට, නිලධාරීන්ට උපදෙස් !

මහ බැංකු බැඳුම්කර කොමිසමෙහි සම්පූර්ණ වාර්තාව එළිදැක්වුණ විගස, මුදල් මණ්ඩලය සමග සාකච්ඡා කොට, අවශ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලෙස, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාමි මහතාට උපදෙස් දී තිබේ.

කොමිසම නිර්දේශ කර ඇති පරිදි වෝහාරික විගණන පරීක්ෂණයක් පැවැත්වීමට සුදුසු දේශීය හෝ විදේශීය ආයතනයක් තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බව මහබැංකු අධිපතිවරයා අගමැතිවරයාට දැනුම්දී ඇත.

බැඳුම්කර කොමිසමෙහි නිර්දේශ ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

2008 සිට 2015 දක්වා සිදු වූ දූෂණ, අක්‍රමිකතා පිළිබඳව නිසි සමීක්ෂණයක් කොට, නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව කොමිසම දන්වා ඇති බැවින්, මහ බැංකුවේ සියලු ලිපිගොනු සුරක්ෂිත කරලීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇත. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම මහබැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ‍ලේකම්වරයා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ‍ලේකම්වරයා ඇතුළු කමිටුවකට පවරා ඇත.

Related posts

වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති

colombotoday

ගිනි ගත් නෞකාව නිරීක්ෂණයට විශේෂඥ කණ්ඩායම් දෙකක්

colombotoday

බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වා ගැනීමට වන්නියේ පන්සල් පුරා ඇවිදිති

colombotoday

Covid 19ට එරෙහි සටනේදී ‘චීනය තම සැබෑ මිතුරන්’ හඳුනා ගත්තා – ශ්‍රී ලංකාවේ චීන තානාපති

colombotoday

2023 උසස් පෙළ කාලසටහන මෙන්න

Admin

ඥානසාර හිමි කියපු දේ ඇත්ත වෙලා -උන්වහන්සේ නිදහස් කළ යුතුයි – විජේදාස රාජපක්ෂ

colombotoday