Colombo Today Local News

නැගෙනහිර ඡන්දයට හිස්බුල්ලා සහරාන් සමග ගිවිසුමක් ගැහුවා – අසාද් සාලි කියයි

නැගෙනහිර මැතිවරණයට හිස්බුල්ලා මහතා තරග කළේ සහරාන් හෂීම් සමග ගිවිසුමක් අත්සන් කළ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඊයේ (11 දා) විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.

සහරාන් බිහිවන්නේ නැගෙනහිර මැතිවරණය සමග බව කී අසාද් සාලි මහතා එම මැතිවරණයට තරග කරන සියලූ දෙනා ඔහු සමග ගිවිසුමක් අත්සන් කළ යුතු බවට සහරාන් පැවසූ බවද කීය.

ඒ අනුව එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සහරාන් සම`ග ගිිවිසුම් අත්සන් කළ බව කී අසාද් සාලි මහතා කාත්තන්කුඩියේ ජනතාව පසුවූයේ සහරාන්ට බියෙන් බවද කීය.

කාත්තන්කුඩියේ සම්ප‍්‍රදායික මුස්ලිම් නිවාස 120 ක් සහරාන් විසින් ගිනි තැබූ බවද ඒ සම්බන්ධව සහරාන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ කාත්තන්කුඩිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදුන් බවද අසාද් සාලි මහතා කීවේය.

මේ සම්බන්ධව ජනාධිපතිවරයාට ද කිහිප අවස්ථාවකදී පැමිණිලි කළ බව අසාද් සාලි මහතා ප‍්‍රකාශ කළේය.

සහරාන් විසින් සිදුකළ ත‍්‍රස්තවාදී කටයුතු සම්බන්ධව පොලිසියට පැමිණිලි කළ ද පොලිසිය සිටියේ ද සහරාන් සම`ග බව අසාද් සාලි මහතා කීවේය.

Related posts

රැයක් පුරා පුතුගෙන් පහර කෑ පියෙක් මිය යයි

colombotoday

සුව දුක් බලන්න ගිය නිපුණට මාතර දී විරෝධයක්

colombotoday

අනාගත ආහාර අර්බුදයට මුහුණ දෙන්න කොස් ගස් කැපිමේ බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවයි.

colombotoday

පොහොට්ටුව රටේ බලය අල්ලන බව බැසිල් කියයි

colombotoday

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

colombotoday

හිටපු ජනපති නන්දසේන ලබන 24දා යළි දිවයිනට

colombotoday