Colombo Today Local Newsfeatured

ඥානසාර හිමිගේ සාක්ෂිය රෙකොර්ඩ් කරන්න ගිය උලමෙක් මාට්ටු

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේදී මීට පෙර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලබාදුන් සාක්ෂිය හේතුවෙන් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයට අගතියක් සිදුවී ඇති බව පවසමින් එම සංවිධානයේ නීතිඥවරයෙකුට ඥානසාර හිමිගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ඉල්ලමින් කොමිෂන් සභාවේ ලේකම්වරයාට සිදුකරන ලද ඉල්ලීමකට අනුව එම සංවිධානයට හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ඊයේ (9) දින ලබාදී තිබිණ.

මෙලෙස ඥානසාර හිමි හරස් ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් සිටින අවස්ථාව රහසින් පටිගත කරමින් සිටි මවුලවිවරයෙක් එම අවස්ථාවේ සිවිල් ඇඳුමින් රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියෙක් නිරීක්ෂණය කර ඔහුව පොලිස්බාරයට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ ලේකම් වරයා ලෙස කටයුතු කරන මුෂ්ශිඩ් මර්සා මුලාෂර් නැමති පුද්ගලයෙක් බවට ප්‍රශ්න කිරීම්වලින් තහවුරු කරගෙන ඇති අතර ඔහුට ජංගම දුරකථනය කොමිෂන් සභාව තුලට ගෙන ගොස් ලබා දී ඇත්තේ උලමා සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාවෙඩ් යුෂුෆ් මහතාගේ කනිෂ්ඨ නීතිඥයා වන මොහොමඩ් ශමීර් නමැති නීතිඥවරයෙකි.

මේ බව රජයේ නීතිඥවරිය විසින් කොමිෂන් සභාවේ අවධානය යොමු කර සිටි අතර එහිදී අදාළ ජංගම දුරකථනය පොලිස් බාරයට පත්කිරීමට කොමිෂන් සභාව නියෝග කර සිටි අතර පොලිස්බාරයට ගත් පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඉදිරි පියවර ගන්නා ලෙස කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට නියෝග කරන ලදි.

Related posts

මහරගම මුස්ලිම් කඩයට පහර දී ඇත්තේ හෙළ උරුමයේ හිටපු මන්ත්‍රීවරයෙක් !

colombotoday

දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ජූලි 6 වනදා සිට ලොතරැයියක මිල ඉහළට

Admin

ඇලෝසියස්ට, පලිසේනට ඇප දෙනවාද නැද්ද තීරණය ඡන්දෙන් පසු

colombotoday

අත්තෙන් අත්තට පනින රාජිත පක්ෂ දෙකක වේදිකාවල

colombotoday

වසන්ත මුදලිගේ ජාතික රෝහලේ සමේ රෝග සායනයට රැගෙන යයි

Admin