Colombo Today Local News

හොරෙක් වෙනුවට පත්කර ඇත්තේ ලෝක හොරෙක් !

අල්ලස් ගැනීමේ සිද්ධියක් පදනම් කරගෙන පසුගිය 03වනදා අත්අඩංගුවට ගත් දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මහතාගේ පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතාව පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.

පොල්ගම්පොල මහතා පසුගිය කාලවකවානුවේදි මහින්ද රාජපක්ෂ කඳවුර නියෝජනය කරමින් දේශපාලන කටයුතුවල මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතම ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.

ඔහු පැවති රාජපක්ෂ පාලන සමයේ  උප කොන්ත්‍රාත් කරුවන්ට ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා දෙන සමාගමක් පවත්වාගෙන යමින් වව්නියාව ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීම් හා අළුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා උප කොන්ත්‍රාත් කරුවන්ට කොන්ත්‍රාත් ලබා දී එම කොන්ත්‍රාත් කරුවන්ගේ මුදල් ගෙවීමේදී අගරු චෙක් පත් ලබාදීම සම්බන්ධයෙන් 2016 වසරේ මැයි මාසයේදී වව්නියාව බන්ධනාගාරයේ මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

ඉන් පසු 2017 වසරේ ජුලි 15වනදාද අනුරුද්ධ පොල්ගම්පල මහතාව මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 75ක් මුදලක් වංචා කිරීමේ චෝදනා මතය.

කළු ගල් වැඩපොළක් පවත්වාගෙන යාමට යැයි පවසා එක් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 35ක් ලබාගෙන ඇති අතර එම මුදලින් ලබාගත් යන්ත්‍ර පෙන්වා තවත් අයෙකු සමග ලක්ෂ 40ක කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කර එම දෙදෙනාටම අදාළ මුදල් වංචා කර තිබිණි.

එමෙන්ම මොහු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටියදී සිය මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් තරුණයෙකු ජපානයට ගෙනයාමට උත්සාහ කර එරට ගුවන්තොටුපොළ්දී ම අත්අඩංගුවට පත්ව තිබූ අතර ඉන් පසු ඔහු මෙරටට පැමිණි වහාම ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔහුව මන්ත්‍රී ධුරයෙනුත් පක්ෂ සාමාජිකත්වයෙනුත් නෙරපා දමන ලදී.

කෝටි ගණනින් අල්ලස් ගැනීමේ සිදුවීමක් මත දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා මෙවැනි කූඨ ව්‍යාපාරවල නිරතවූ ඒ නිසාම රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමටද සිදුවූ තැනැත්තෙකු පත්කිරීම තුළින් පිළිබිඹු වන්නේ හොරකම, වංචාව යාවාත්කාලීන කරමින් දිගටම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් තවත් පාර්ශවයකට ඇති බවය.

Lankatruth

Related posts

පෞද්ගලික බස් හිමියන්ගේ වැඩ වර්ජනය අවසන්

colombotoday

IMF කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් ලංකාවේ සංචාරයක

Admin

දිනේෂ් ගුණවර්ධනගේ දකුණු අත ගැලවේ – උප සභාපතිත් පීල්ල මාරු කරයි

colombotoday

ඉබ්‍රහිම් ගැන අවොබෝදයක් තිබ්බේ නෑ. | ජනතා විමුක්ති පෙරමුණ

colombotoday

පොඩි ලැසී ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

colombotoday

උතුරේ කඩ වැසෙයි.. දෙමළ දේශපාලන පක්ෂ සහයෝගයෙන් හර්තාල් ඇරඹෙයි

colombotoday