ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 104 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 4,191 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
එළඹෙන සති අන්තයේ දී ද සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් මත ක්‍රියාකිරීමට සියලුදෙනා වගබලා ගත යුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.