Colombo Today Local News

පොඑපෙ ගැබිණි ප්‍රා. මන්ත්‍රීනියකට පහර දුන් සමගි ජන බල වේගයේ ප්‍රා. මන්ත්‍රීනිය අත්අඩංගුවට

මහරගම නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියකට පහරදුන්නැයි කියන සම්බන්ධයෙන් එම නගර සභාවේ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියක අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

පහර කෑ බව කියන මන්ත්‍රීවරිය ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඇය ගැබිණියක් බව ද වාර්තා වෙයි.

විශ්‍රාමික උප නාගරික මන්ත්‍රීවරයකු වන කරෝලිස් යන අයගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා ඉකුත් 15 වැනිදා ගොඩිගමුව සුසාන භූමිය වෙත ගිය අවස්ථාවේදී සැකකාර මන්ත්‍රීවරිය තමන් අසලට පැමිණ සංවර්ධන කටයුත්තක් සම්බන්ධයෙන් විමසා ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව පහරදී තල්ලු කර දැමූ බවත් ඇය රෝහල් පොලිසිය ලබාදුන් ප්‍රකාශයක සඳහන් වේ.

ගර්භනි තත්ත්වයෙන් පසුවන තමා ට රාත්‍රී 9 ට පමණ උදරයේ වේදනාවක් හට ගැනීම හේතුවෙන් රෝහල්ගත වූ බව ඇය සිදු කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

උපවාසයේ නියුතු හිමිනම එම ස්ථානයේම අපවත් කරවීමේ සැලසුමක්… උපවාසය අත්නොහරින්නැයි දැඩි බලපෑම් !

colombotoday

මහාචාර්ය මෙත්තිකා විතානගේ තවත් ලෝක සම්මානයකින් පිදුම් ලබයි

colombotoday

කොස්ගොඩ තාරකත් පොලිසියෙන් වෙඩි කයි

colombotoday

පාඨලී, ගයන්ත එකගයි… මංගල විරුද්ධයි – කැබිනට් කඹ ඇදිල්ලෙන් බුර්කා තහනම කල් යයි…

colombotoday

හොරණ අක්කර 340ක්, ඩොලර් එක ගාණේ ඉන්දියානු සමාගමකට විකුණයි !

colombotoday

හකීම්, බදුර්දීන්, සාලි ඇතුළු මුස්ලිම් මැති ඇමතීන් පිරිවරා ජනපති කටාර් සංචාරයේ !

colombotoday