Colombo Today Local News

හෙට-අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර අවලංගුයි

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, හෙට (13) සහ අනිද්දා (14) දින දෙකේ පමණක් එම දුම්රිය ගමන්වාර අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේවෙතත් අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් සහ යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවද ඔවුන් සඳහන් කළේය.

මේ අතර අලුත් අවුරුදු සමය තුළ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ බස් රථ සේවය කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වන බව ප්‍රවහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

Related posts

ඉන්ධන අර්බුදයෙන් අදත් පෞද්ගලික බස් ධාවනයට බාධා..

colombotoday

“මා යුධ රහස් හෙළිකරන තුට්ටු දෙකේ මිනිහෙක් නොවේ“ සෙන්පති කමල් කුහකයන්ගේ කන පැළෙන්න දෙයි !

colombotoday

ජාත්‍යන්තර බෞද්ධ ජාලයේ භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති

Admin

මෝටර් රථයක් පැහැරගෙන යාමට ආ සීසර්ලා රිමාන්ඩ්

colombotoday

ඉතිහාසයේ මුල්වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනක් කරපු දේ…

colombotoday

ගෑස් මිල සංශෝධනය අද

Admin