Colombo Today Local News

උසස් පෙළ විභාගයට දින නියම වෙයි

අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ 2021 අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන ඔක්තෝම්බර් 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 3 වන ඉරිදා දිනයේත් 2021 වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ත් ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, කොවිඩ් ව්‍යාප්තිය න පාසල් විෂයමාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම අසීරු තත්ත්වයකට පත් වීම හමුවේ සාකච්ඡා කිරීම්වලින් පසු මෙම තීරණවලට එළැඹි බවයි.

Related posts

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රීයේ සිට තහනම්

Admin

Video: මීගමුවේ සංචාරක හෝටලය “බුද්ධ බාර්” අකුලාගනී – බොදු බල සේනාව සීරුවෙන්

colombotoday

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කරන්න දුන් වේවැල් පහරින් දැරිය මියයයි

colombotoday

ශ්‍රී ලංකාව සියලුම විදේශ ණය ගෙවීම අත්හිටුවයි

colombotoday

“තීරණය වෙනසක් නෑ.. වෛද්‍යවරුන් බිහිකිරීමට SITM සුදුසු නෑ” – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday