Colombo Today Local News

නැව්වල දැවිතෙල් අවිධිමත්ව පරිසරයට බැහැර කළ සමාගම් කිහිපයකට නඩු

නැව් මගින් බැහැර කරන දැවිතෙල් විධිමත් නොවන ආකාරයෙන් පරිසරයට මුදාහැරීමට කටයුතු කළ සමාගම් කිහිපයකට එරෙහිව නීතිමය පියවර ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එම සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට මෙන්ම දඩ මුදල් නියම කිරීමට පියවර ගත් බවද එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළේය.

දැවි තෙල් ප්‍රවාහනය කිරීම සඳහා ආයතන 23 ක් වෙත බලය හිමිව ඇති අතර ඉන් ආයතන දෙකක් දැවිතෙල් ගබඩා කිරීමේ කටයුතු සිදුකරයි.

නැව් මගින් බැහැර කරන දැවිතෙල් හේතුවෙන් පාරිසරික හානි මෙන්ම ජනතාවට විවිධ රෝගාබාධ ඇතිවීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවට පරිසරවේදීන් විසින් පෙන්වාදීමෙන් අනතුරුව ඒ පිළිබඳ නියාමන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් ලබාදී තිබුණි.

ඊට අදාළව GPS තාක්ෂණය ඔස්සේ නියාමන කටයුතු සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගත් බව එහි අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය.

එම නියාමන කටයුතු ඔස්සේ නැව් මගින් බැහැර කරන දැවිතෙල් විධිමත් නොවන ආකාරයෙන් පරිසරයට මුදාහැරීමට කටයුතු කළ සමාගම් හඳුනාගෙන තිබේ.

ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ අතර තවදුරටත් අදාළ නියාමක කටයුතු සිදු කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළේය.

Related posts

ජනපති හෝ ඝෝඨාභය හෝ ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන අංශයේ ලොක්කා DIG නාලක සැලසුම් කරලා

colombotoday

බන්ධනාගාර බස්වලට CCTV සවි කරන්න යයි

Admin

කැප්පෙටිපොළ දිසාවේ ඇතුළු ජාතියේ විරුවන් 19ක් තවමත් බ්‍රිතාන්‍ය රාජද්‍රෝහී ලයිස්තුවේ !

colombotoday

ගෝඨාගේ පුරවැසිභාවය ස්ථිරයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බාදාවක් නෑ. – අධිකරණය තීන්දු කරයි

colombotoday

සංස්කෘතික අරමුදලේ කෝටි දහසකට මොකද උනේ සොයා පරීක්ෂණයක්

Admin

“සංහිදියාව යනු ස්වෙච්ඡාවෙන් යටත්වීම නෙවෙයි.. මේක යක්ෂ සංහිදියාවක්“ – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday