World

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන්-1 නිකුත් කරයි

චීනය විසින් අඟහරු මෙහෙයුමේ යොදවා සිටින ටියැන්වෙන්-1 අඟහරු නිරීක්ෂණ යානයෙන් ලබාගත් ග්‍රහයාගේ පැති රූප දෙකක් නිකුත් කිරීමට චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය ඊයේ (26)දින කටයුතු කර තිබේ.

ටියැන්වෙන්-1 පරීක්ෂණ යානය අඟහරු සිට කිලෝමීටර් 11,000ක් දුරින් සිට මධ්‍යම විභේදන කැමරාවක් මගින් මෙම ඡායාරූප ලබාගෙන තිබේ.

සූර්යයාට මුහුණ ලා සිටින එම ග්‍රහලෝකයට ඉහළින් හා පිටුපසින් කරන ලද පරීක්ෂණයෙන් පැති රූප දෙකක් මෙසේ එවා ඇත.

ටියැන්වෙන්-1 මාසයක් පුරා අඟහරු කක්ෂයේ ක්‍රියාත්මක වෙමින් පවතී. විවිධ විභේදන සහිත බහු කැමරා, ඛනිජ වර්ණාවලීක්ෂයක්, චුම්බක මානයක් සහ වෙනත් උපකරණ ඔස්සේ විද්‍යාත්මක ගවේෂණය ආරම්භ කළ මෙම යානය, රතු ග්‍රහලෝකයෙන් ලබාගත් දත්ත පෘථිවිය වෙත එවමින් සිටි.

Related posts

ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ ISIS නායකයා මරුට

colombotoday

තුර්කියේ ස්ථාන්බුල් අගනුවරට ප්‍රහාරයක්.. නව අවුරුදු උදාවේ ත්‍රස්තයෝ වැඩ අල්ලයි

colombotoday

අඹුසැමි ඇසුරටත් ‘සීකා‘ හරහට හිටී ! මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම අනතුරක

colombotoday

අඟහරු වෙත යැවූ රොබෝ යානාව

colombotoday

චීනය කෝප වේ…. ඉවසීම ඉවරයි… ඇමරිකාවට බරපතල අනතුරු ඇගවිමක් කරයි !

colombotoday

උතුරු කැලිෆෝනියාවේ භූකම්පනයක් – 12ක් මරුට

Admin