අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳපොළේ බඩුමිල ගැන සොයා බැලීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු නාරාහෙන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අද (22) දින නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
ආර්ථික මධ්‍යස්ථානයේ සියලුම වෙළෙඳසල් වෙත ගොස් ඒවායේ පවතින මිල ගණන් පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලීමට මන්ත්‍රීවරු එහි දී කටයුතු කළහ.
සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, හර්ෂණ රාජකරුණා, නලීන් බණ්ඩාර, එස්. එම් මරික්කාර්, ජේ සී අලවතුවල මුජුබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.