Colombo Today Local News

කෝප් කමිටු වාර්තාව : උතුරු-මධ්‍යම අධිවේගී මාර්ගය පටන් ගන්නත් කලින් කෝටි 185ක මුදලක් ගහින්

උතුරු සහ මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා ශක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් රුපියල් කෝටි 185කට අධික මුදලක් පිරිවැය ලෙස දරා ඇතැයි ඊයේ (10)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාවේ දැක්වේ.

වසර ගණනාවක සිට විවිධ ආකාරයේ වෙනස්කම් සහ සංශෝධනවලට භාජනය වී ඇති මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ගැටලුකාරී තත්ත්වයන් ගණනාවක් විමර්ශනයේදී මතු කර ගත් බව එම වාර්තාවේ දැක්වේ.

නොරොච්චෝල ලක්විජය බලාගාරය, මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු ව්‍යාපෘති හයකට අදාළ විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවන් සම්බන්ධයෙන්ද කෝප් කමිටුව කළ විමර්ශනයේ වාර්තාව ඊයේ (10)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

වර්තමාන ආණ්ඩුව යටතේ කෝප් කමිටුව ඉදිරිපත් කළ පළමු වාර්තාව මෙය වේ.

2009 සිට 2016 දක්වා නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල් අඟුරු සමාගම කළ ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාව ගැන කෝප් කමිටුව කළ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මෙම වාර්තාවේ දැක්වේ.

ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු සහ එහි පාරිසරික බලපෑම් සම්බන්ධයෙන්ද දැක්වේ. පරිසර විෂය අයත් විය යුත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අයත් සමගාමී ලැයිස්තුවටද නැත්නම් මධ්‍යම රජය යටතටද යන්න මෙම විමර්ශනයේදී වැදගත් කාරණයක් වූ බව කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මෙම කෝප් වාර්තාවේ දක්වා ඇත.

කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් කළ විගණන විමර්ශනයද කෝප් කමිටු වාර්තාවට ඇතුළත් කර තිබේ.

කෝප් වාර්තාව මහාචාර්ය චරිත හේරත් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Related posts

රනිල් ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්

colombotoday

මැතිසබේදී කාන්තාවන්ට නිගා කළ තිස්සකුට්ටිආරච්චිට කතානායක අවවාද කරයි

colombotoday

ප්‍රසුත කල ගමන්ම බිළිදා වල දැමූ මවක්

colombotoday

පුතුට කුඩු ගෙන ආ මවක් අත්අඩංගුවට

Admin

උඩරට විවාහ හා දික්කසාද පනත් කෙටුම්පත ගැසට් කෙරේ..

colombotoday

පෙට්‍රල් – ඩීසල් ප්‍රමිතිය ගැන දැනුම්දීමක්

Admin