Colombo Today Local News

සෞදියේදී ඇණ 12ක් ගිල්ලවූ ලාංකික කතක් අසාධ්‍යව රෝහලේ

සෞදි රැකියාවකට ගිය පුත්තලම මදුරන්කුලිය තොඩුවාව ප්‍රදේශයේ කාන්තාවකට බලහත්aකාරයෙන් යකඩ ඇණ ගිල්ලවන ලදැයි කියන සිද්ධියකින් රෝගාතුරව එරට කඳවුරක වසරකට ආසන්න කාලයක්‌ රැඳී සිට පෙරේදා (19 වැනිදා) අලුයම මෙරටට පැමිණ පුත්තලම රෝහලට ඇතුළත්ව තිබේ.

තුඩුවගේ සුභාෂිණී මල්කාන්ති ප්‍රනාන්දු (30) නමැති එක්‌දරු මවක වන ඇය 2014.07.19 සෞදියේ අල්හසීම් බ්‍රයිඩා ප්‍රදේශයේ තට්‌ටු හයකින් යුත් නිවසක රැකියාව සඳහා බොරැල්ලේ රැකියා ඒජන්සියක්‌ හරහා ගොස්‌ තිබේ.

ඇය එසේ රැකියාවට ගොස්‌ ඇත්තේ දෙවැනි වරට බව ද හෙළි වී තිබේ.

මම වැඩකරනකොට ඒ ගෙදර ගෑනු කෙනා වහලේ සිවිලිම සෝදන්න කිව්වා. ඒ අවස්‌ථාවේදී මගේ දකුණු අත කැඩුණා. ඒකට ප්‍රතිකාර කළේ නැහැ. එසේ සිටියදී විශාල බ්ලැන්කට්‌ හයක්‌ හෝදන්න දුන්නා. ඒක මැෂින් එකෙන් හෝදන්න එපා කියලා කිව්වා. අතේ අමාරුව තියෙද්දී බ්ලැන්කට්‌ අතින් හේදුවා. ඒ අමාරුවට උණ ගත්තා. මැඩම් මට බෙහෙත් අරන් දෙන්න කියලා කිව්වා. පස්‌සේ ඇය කිව්වා බෙහෙත් අරන් දෙන්න බැහැ කියලා. මම ජීවිතේටවත් දැකලා නැති රෝස පාටයි සුදු පාටයි පෙති වගයක්‌ දුන්නා බීපන් කියලා. මට හාම්පුතා එක්‌ක මේ ගැන කතා කරන්න ඕන කිව්වා. 2014.10.15 දින වගේ දවසක පොඩි පොඩි ඇණ වගයක්‌ ගෙනල්ලා ඇණ 11 ම බොන්න කිව්වා. මම බයට බිව්වා. පසුව බඩේ අමාරුව වැඩිවුණා. ඇණ 11 ක්‌ බඩේ තිබී ගත්තා කියලා වෛද්‍යවරුන් කිව්වා. පොලිසියටත් දැනුම් දුන්නා.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

Divaina

Related posts

නන්දලාල් කට වහගන්න මාලිමාවෙන් අනතුරු ඇගවීමක්

Admin

මත්තල ගන්න අපි සූදානම්.. ඉන්දීය ගුවන් සමාගමක් රජයට දන්වයි !

colombotoday

හාල් නැව කුණාටුවකට අහුවුණොත් ප්‍රමාද වෙන්න පුලුවන්

Admin

විල්පත්තුවේ අනවසර ඉදිකරීම් නවතන්න ගොණුකල පෙත්සමට අධිකරණය ඊයේ දුන් නියෝගය

colombotoday

මේ විශ්වාස භංග යෝජනාව දින්නත් පරාදයි. පැරදුනත් පරාදයි. – උදය ගම්මන්පිල

colombotoday

සෝභිත හිමි අභිරහස් අපවත්වීම ගැන උඩුවේ හිමියන්ගෙන් නිවේදනයක්

colombotoday