Colombo Today Local News

පොලිස් ජීප් රථයක ත්‍රිරෝද රථයක් ගැටී එකම පවුලේ දෙදෙනෙක් මරු තුරුලට

වාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ වූ රිය අනතුරකින් එකම පවුලේ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අනුරාධපුරයේ වන්දනාගමනක් යෑම සඳහා වේයන්ගොඩ සිට ත්‍රිරෝද රථයකින් පැමිණෙමින් සිටිය දී අද (28)දින උදෑසන 8ට පමණ පියා, මව, මිත්තණිය හා දරුවන් දෙදෙනා මෙලෙස අනතුරට පත්ව තිබේ.

මියගිය පිරිස අතර ත්‍රිරෝද රථයේ ගමන් කළ 40 හැවිරිදි පියා හා ඔහුගේ මව වන 69 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ පොලිස් ජීප් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුර වී ඇති බවය.

34 හැවිරිදි මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ 9 හැවිරිදි හා 13 හැවිරිදි දියණියන් දෙදෙනා බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

කටුපොත පොලීසියට අයත් ජීප් රථයක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ගොස් නැවත පැමිණෙමින් තිබිය දී මෙලෙස අනතුරට පත්ව තිබේ.

අනතුර කළ පොලිස් කොස්තාපල් රියදුරුවරයා මේ වන විට කටුපොත රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

ජාපාලවත්තේදී STF පාතාලය ගැටෙයි – දෙකක් මරුට

Admin

රනිල් එලවා අගමැති වෙන්න සජිත්ගේ කුමන්ත්‍රණයක් – ෆොන්සේකා හෙළිකරයි

colombotoday

කින්නියා, කුරිඤ්ඤන්කර්නි කළපුවේ මගී ප්‍රවාහනයට නාවික හමුදා යාත්‍රාවක්

colombotoday

දින 11 ක් තිබූ ඩීසල් නැව නිදහස් කරගනී

colombotoday

අද පාර්ලිමේන්තුවේ විවාද කරන මාලබේ ස්ලිට් වංචාව Colombo Today හෙලිකලේ 2018 වසරේදී. – අවාසනාවට එකල අවධානයට ලක් වුනේ නෑ

colombotoday

රටේ මීළග නායකයා රාජිතයි.! “රට බාරගන්න සූදානම්වෙන්නැයි මට දැන්වුවා” – රාජිත

colombotoday