Colombo Today Local News

හමුදාව යොදවා උතුරේ කාණු සුද්ද කරන්න විග්නේශ්වරන් යෝජනා කරයි

vigneshwaran

රාජකාරියක් නොමැතිව උතුරු පළාතේ රාජකාරියේ සිටින හමුදාව යොදවා ඇල මාර්ග සහ කානු පද්ධති පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් යෝජනා කර ඇත.

උතුරු පළාත් සභාවේ අයවැය පිළිබද විවාදය පසුගිය 16දා පැවති අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.

හමුදාව යාපනය වටලා කදවුරු ඉදිකර ඇති බවත් කොටි සාමාජිකයන් ඇල මාර්ග හරහා පැමිණ හමුදා කදවුරුවලට පහර දෙන බැවින් හමුදාව විසින් උතුරේ ඇල මාර්ග අවහිර කර ඇති බවත් උතුරු පළාත් සභා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කේ.වින්දන් විසින් ප්‍රකාශ ඇති අතර එයට පිළිතුරු දෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්

“වසා දැමූ ඇල මාර්ග සහ උතුරේ ඇති අවහිර වූ ඇලමාර්ග සහ කාණු පද්ධති පිලිසකර කිරීමට හමුදාව යොදවාගත හැකිය. ඔවුන් මේ වන විට රාජකාරීයක් නොමැතිව සිටියි. මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කළ යුතුය. හමුදාව අඛණ්ඩව මෙහි ස්ථාන ගතවී සිටීම හේතුවෙන් මෙහි පදිංචිකිරීම්වලට බාධා සිදුවී තිබෙ‍න බව පෙන්වා දීමට කැමැත්තෙමි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සඳහා වන කැනඩා තානාපතිය හමුවූ අවස්ථාවේදී පැහැදිලි ක‍ළෙමි” යනුවෙන් පවසා ඇත.

“ශ්‍රී ලංකා රජය සමඟ ඒකාබද්ධ වී කටයුතු කිරීමට හැකි නොවේද? යනුවෙන් කැනඩා තානාපතිනිය මාගෙන් ප්‍රශ්ණ විමසන ලදි. බොහෝ විදෙස් රටවල් අපගේ අඩුපාඩුකම් කෙරෙහි අවධානය යොමුකරන්නේ නොමැත. ඔවුන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කතා කරමින් සිටියි” යනුවෙන් එහිදී ඔහු ප්‍රකාශ කර ඇත.

මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉන්දියාව දැඩි කනස්සල්ලෙන් පසුවන බව පසුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අකමැති ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් දැඩි ජාතිවාදී ස්වරූපයකින් කටයුතු කරන බවද එම වාර්තාවල දැක්විණි.

Related posts

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සමාජිකයින් හෙට ජනපති හමුවෙයි

Admin

ඉතියෝපියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

colombotoday

ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් 15ක් ලංකාවේ සිට ඉන්දියාවට පැනලා !

colombotoday

පාද යාත්‍රාව උතුවම්කන්දෙන් ගමන් අරඹයි.. කෑගල්ලේදී ගමන එක මංතීරුවකික් පමණයි.. අධිකරණ නියෝගයක් !

colombotoday

ඇමරිකාව, යුරෝපය ඉන්නව කීවට උදව් කරේ චීනය විතරයි.. මේ අය චීනෙටත් බණිනවා.. බැන බැන ණය ඉල්ලනව

colombotoday

“සත්තුත් කරනවනම් අපට බැරි ඇයි.. සමලිංගික අයිතිය අපටත් ඕන“ – මහාචාර්ය දීපිකා

colombotoday