Colombo Today Local News

ඇවන්ගාඩ් පවරාගැනීමෙන් රජය ඇන ගනී.. ගිවිසුම කැඩුවොත් ඩොලර් කෝටි 40ක් ගෙවන්න වෙයි

avgඇවන්ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව හා ව්‍යාපාරික කටයුතු නාවික හමුදාවට බාර දී ඇතත් රජය හා ඇවන්ගාඩ් සමාගම අතර ඇති ගිවිසුම අවලංගු කර නැති බවත් එම ගිවිසුම ඒකපාර්ශ්වීයව අවලංගු කරන්නේ නම් රජය ඇවන්ගාඩ් සමාගමට ඩොලර් මිලියන 40,000 ක්‌ ගෙවිය යුතු බව එම සමාගමේ හිටපු වාණිජ්‍ය නෞකා මෙහෙයුම් ජ්‍යෙෂ්ඨ කළමනාකරු විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර මහතා සඳහන් කළේය.

ඇවන්ගාඩ් සමාගම රජය සමග ගිවිසුම් අත්සන් කරලා දෙපාර්ශ්වයටම එකඟ වී තිබෙනවා. යම් පාර්ශ්වයක්‌ තනි තීරණයකට එයින් ඉවත් වනවා නම් ඒ අය අනෙක්‌ පාර්ශ්වයට රුපියල් මිලියන 40,000 ක්‌ ගෙවන්න ඕනේ. අපි ගිවිසුම ප්‍රකාරව කටයුතු කළත් රජය ඒ ගිවිසුම කඩ කරලා තියෙනවා. නමුත් ඒ ගිවිසුම අහෝසි කරන්න රජය පියවර අරගෙන නෑ. යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

නාවික හමුදාවට මෙම සමාගමේ කටයුතු පවරලා පෙරේදාට (14දා) මාසයක්‌ ගත වෙනවා. මේ නිසා 6754 ක ගේ රැකියා අහිමි වෙලා. ඒ වාගේම සෘජු හා වක්‍ර ආදායම් බොහොමයක්‌ නැවතිලා. මේ නිසා විශාල පිරිසක්‌ අසරණ තත්ත්වයට පත් වෙලා.

-දිවයින

Related posts

“ලක්ෂ පහ අරගෙන එළියට බැහැපල්ලා” – සංවර්ධන කමිටුවේදී ඇමති චම්පික යකා නටයි

colombotoday

අලිවත්තේ අසිත මාට්ටු

colombotoday

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

Admin

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආයුධ සමග අත්අඩංගුවේ

colombotoday

ඇමරිකානු ප්‍රහාරක නැව් 6ක් කොළඹ වරායට

colombotoday

උඩරට දුම්රිය මාර්ගයේ අදත් පීලි පැනීමක්

Admin