Colombo Today Local News

හලාවත-කොළඹ බස් රථ සේවකයින් වර්ජනයක.

හලාවත කොළඹ අතර ධාවනය වන සාමාන්‍යය සේවා බස් රථ සේවකයින් අද (27) උදෑසන කාලයේ සිටි ධාවන කටයුතු වලින් ඉවත් වි වර්ජනයක නිරතව සිටියි.

කොවිඩ් 19 වසංගත තත්ත්වයක් උදාවී සාමාන්‍ය ජන ජිවිත කඩා වැටි තිබිය දි ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් තමන් බස් රථ සේවාව අඛණ්ඩව පවත්වා ගෙන යන නමුත් මේ වන විට තම බස් රථ වලින් බලාපොරොත්තු වන ආදායමක් ලබා ගත නොහැකි බව වර්ජනයට එක්ව සිටි බස් සේවකයින් පෙන්වා දෙයි.

මෙයට වඩාත් හේතුවි ඇත්තේ ඈත කාලයක පටන් දුර සේවාවන්හි නිරත බස් රථ කොළඹ හලාවත අතර ගමන් බිමන් යන මගින්ද රැගෙන යාම නිසා මගින් තම බස් රථවලට නොපැමිණෙන නිසා තම ආදායම් ඵල ගොස් ඇති බවත් මෙයට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙසට ඔවුන් බලධාරින් වෙතින් ඉල්ලා සිටියි.

කොළඹ සහ හලාවත පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති වල බස් රථ මෙසේ සිය ධාවන කටයුතු නතර කර ඇති බවත් සදහන් කරයි.

එහෙත් කොළඹ හලාවත අතර සුඛෝපභෝගි බස් රථ සුපුරුදු පරිදි ධාවනය වන බවත් කියයි.

Related posts

නව දුම්රිය ගාස්තු සංශෝධනය ඇමැති අතට

colombotoday

දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් කුකුළු මස් – බිත්තර අඩු කරන යෝජනාවක්

Admin

පුත්තලමෙ තබ්ලික් ජමාත් ආසාධිතයා තොරතුරු නොදෙයි. ඇසුරු කළ පිරිස් පලා යයි. ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ එක්ව මෙහෙයුමක්

colombotoday

කිරිපිටි මිල තවත් අඩු වෙයි?

Admin

විශ්වාසභංගය අස්සේ හිටපු ඇමති රෝහිතගේ අල්ලස් නඩුවට වෙච්ච දේ…

colombotoday

නොරොච්චෝලේ බලාගාරයේ 3වැනි ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට

Admin