පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබාදීමට තීරණය කිරීමෙන් ගොවියන්ට කිසිදු අසාධාරණයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ රසායනික පොහොර වෙනුවෙන් අද විශාල මුදලක් පිටරටට ඇදී යන බැවින් සහ රසායනික පොහොරවල අසනික්, කැඞ්මියම් ඇති බැවින් පසේ සජීවි බවද විනාශ වී ඇති බවයි. පොහොර වෙනුවට මුදල් ලබා දීමට තිරණය කලේ ඒ නිසා බවත් මෙය අයවැය ඉදිරිපත් කිරීමේ දී වූ ගැටළුවක් හැර වෙන ප්‍රශ්නයක් නොවන බවත් උන් වහන්සේ ප්‍රකාශ කර සිටියහ.