Colombo Today Local News

‘අන්තර්ජාල මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න’

අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකතන යෙදුම් (ඇප්) හරහා විවිධ ආකාරයේ මූලය වංචා සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

එම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බවත් එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ කාඩ්පත්වල (හරපත් හා ණය පත්) (ඩෙබ්ට් කාඩ් හා ක්‍රෙඩිට් කාඩ්) පෞද්ගලික රහස්‍ය තොරතුරු, අන්තර්ජාල බැංකුකරණයට අදාළ විස්තර යනාදිය ලබාගැනීමට උත්සාහ කරන බව ද මහ බැංකුව කියයි.

එබැවින් මූල්‍ය ගනුදෙනුවලට යොමු වීමේදී ණය දෙන පාර්ශවයේ සම්පූර්ණ තොරතුරු ලබාගන්නැයි ද හැකි සෑම අවස්ථාවකදීම නිසි පරිදි නියාමනය වන හෝ යම්කිසි නියාමන අධිකාරියක නියාමනයට ලක්වන ආයතන කෙරෙහි විශ්වාසය තබන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලයි.

එමෙන්ම මෙවැනි ගනුදෙනුවලදී ඉතා සුපරීක්ෂාකාරී වන්නැයි ද තමන්ගේ කාඩ්පත් හෝ අන්තර්ජාල බැංකුකරණයට අදාළ මුරපද හෝ අනන්‍යතාව තහවුරු කරන විස්තර වෙනත් පුද්ගලයන් සමඟ හුවමාරු කර නොගන්නැයි ද මහ බැංකුව ඉල්ලයි.
ඊට අමතරව බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් ගනුදෙනු සම්බන්ධයෙන් එසැණින් තොරතුරු ලබාදෙන කෙටි පණිවුඩ සේවා සක්‍රීය කරගන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටියි.

Related posts

මරාගෙන මැරෙන ප්‍රහාර 20ක් සහරාන්ගේ කණ්ඩායම සැලසුම් කරලා – පාස්කු කොමිසමේදී හෙළිවේ

colombotoday

මිරිස්කුඩු ගසා ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 45ක් කොල්ල කාලා

Admin

අධිකරණ නියෝගයෙන්ද නොසැලෙයි. භූමිදානය ඉල්ලා මුස්ලිම් මැති ඇමතිවරු යලිත් සෞඛ්‍ය ඇමති හමුවෙයි.

colombotoday

විජේදාස රාජපක්‍ෂ විදේශ ඇමතිකම එපා කියයි…

colombotoday

මව දුරකතනය නොදුන් නිස, 14 හැවිරිදි සිසුවා ගෙළ වැළලාගෙන

colombotoday

ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ

colombotoday