Colombo Today Local News

ගුවන්තොටුපොළ විවෘත කරමින් ශ්‍රී ලාංකිකයින් රැගත් පළමු ගුවන් යානය දිවයිනට..

ගුවන්තොටුපොළ විවෘත කරමින් ශ්‍රී ලාංකිකයින් රැගත් පළමු ගුවන් යානය අද(21) දින දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඕමානයේ මස්කට් නුවර සිට එලෙස මෙරටට පැමිණි බවයි.

මේ අතර තවත් ශ්‍රී ලාංකිකයින් 300 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ, මාලදිවයින, පකිස්ථානය, තුර්කිය, බහරේන් ඇතුළු රටවලින් අදාළ පිරිස පැමිණිමට නියමිත බවය.

එසේ පැමිණෙන සියලු පුද්ගලයින් නිරෝධායනයට ‍යොමු කෙරෙනු ඇති.

Related posts

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

යුද හමුදාපතිට දැමූ තහංචියට එරෙහිව ලක් රජය ඇමරිකානු තානාපතිනියට දැඩි විරෝධය දක්වයි !

colombotoday

අසමත් ජනාධිපතිවරයෙක් ලෙස ඉවත් වෙන්නේ නෑ…

colombotoday

ඥානසාර හිමි කොඩිය ලකුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට?

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා නැගීම පසුපස ශ්‍රී ලාංකිකයෝ 4 ක්‌

colombotoday

දාගැබ උඩ නැග අවමන් කළ අයට නීතිය කෝ… නිතිය සිංහලනම් පමණද? සමාජ මාධ්‍යයෙන් දැඩි විරෝධයක්

colombotoday