Colombo Today Local News

මත්පෙති 700 ක් සමග අයෙක් යටදොළදී පොලිස් භාරයට.

මතුගම යටදොළ ප්‍රදේශයේදී මත් පෙති සමග පුද්ගලයෙකු අද (12)දින අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

එම සැකකරු සමග රුපියල් 70,000ක් වටිනා මත්පෙති 700 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් ගුණවර්ධන මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත් පෙති 100 තිබී ඇත. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සැකකරු පදිංචි කළුතර රජවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ තවත් මත් පෙති 600 ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු මීට මාස 5කට පමණ ඉහත දී ගිනි අවියක් හා තියුණු ආයුධ සමග අත්අඩංගුවට පත්ව සිර දඬුවම් ලැබ ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

සැකකරු මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ජවිපෙ උපුල් කුමාරප්පෙරුම සහරාන් වෙනුවෙන් පෙනීසිටියා – අන්තර්ජාල මාධ්‍ය කැළඹෙයි

colombotoday

Etisalat බංකොලොත් වෙයි.. අසාධාරණ ලෙස සේවකයන් නෙරපයි !

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය අහෝසි කරයි…

colombotoday

රන් පවුම රු185,000ට නගී

colombotoday

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට යයි ?

colombotoday

අපේ රටේ කිසිදු ආහාර හිගයක් නෑ. මෙතන තියෙන්නේ ආහාර මාෆියාවක්.

colombotoday