Covid 19

දමන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට කොරෝනා.

දමන ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙනුර ප්‍රගීත් හෙට්ටිගමගේ(පොජපෙ) මහතාට සහ ඔහුගේ රියැදුරාට අහඹු ලෙස සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට අනුව කොවිඩ් -19 කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දමන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 දා අම්පාර උහන ලාතුගල ප්‍රදේශයේ පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනටද උප සභාපතිවරයා සහභාගි වී ඇති බව ද, මහජනතාව සමඟ සමීපව සිටි බවද සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව ඔහු සමඟ සමීපතම පවුල් 100ක් පමණ නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

උප සභාපති වෙනුර ප්‍රගීත් හෙට්ටිගමගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දැන ගත් වහාම ඔහු සමඟ සමීපව කටයුතු කළ වනජීවි වන සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන යන මහත්වරුන් පදිංචි නිවාස විෂබීජානුහරණය කිරීමට පියවර ගෙන ඇති අතර එම පවුල්වල අය නිරෝධායනය කර ‘පීසීආර්’පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතය.

Related posts

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 679ක්

colombotoday

තවත් 29ක් කොරෝනා බිලි ගනී

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 80 දක්වා ඉහළට

colombotoday

ඊයේ ‍තවත් කොවිඩ් ආසාදිතයින් 13ක් හදුනා ගනී

Admin

තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි – සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහලට

colombotoday