පෘතුගාල ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එරට ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
72 හැවිරිදි ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
මේ වන විට පෘතුගාලයෙන් කොවිඩ් ආසාදිතයින් 489,293 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 7,925ක් සිදුව ඇති බව වාර්තා වේ.