Colombo Today Local News

කොවිඩ් මළ සිරුර ඉවත්කර ගන්නා තුරු කරාපිටිය රෝහල අධිකරණ වෛද්‍ය කටයුතු වලින් ඉවත්වෙයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොවිඩ් ආදිත මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා තුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් ඉවත්ව සිටීමට තීරණය කර තිබෙනවා.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු සහ රුහුණ විශ්වවිද්‍යාල අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු මේ බව සඳහන් කරනවා.

එබැවින් අද (23) සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ, මෘත දේහ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකෙරෙන්නේ නැහැ.

මේ අනුව අධිකරණ වෛද්‍යවරුන් විසින් දෛනිකව සිදුකරන, රිය අනතුරුවලින් තුවාල ලබන රෝගීන් පරීක්ෂා කිරීම හා විවිධ අතවරයන්ට පත්වන පුද්ගලයන්ට හා බීමත් රියදුරන් සම්බන්ධයෙන් වාර්තා නිකුත් කිරීම සිදු නොවේ.

මේ අතර ඊයේ (22) කරන ලද PCR පරීක්ෂණයේ දී ද මෘත ශරීරයේ වෛරසය සක්‍රිය බව හඳුනාගෙන තිබෙනවා.

Related posts

ජනපති රුපියලෙන් රුපියල ඉතිරි කරපු හැටි අගමැති කියයි

colombotoday

ඉන්ධන පිරවුම්හලක් කඩාගෙන ආ ජිප් රථයක් කල අනතුර – අයෙක් රෝහලේ

colombotoday

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් 309 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

රු.ලක්ෂ 95ක මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කතක් මෝදරදී අත්අඩංගුවට

colombotoday

වැඩි කළ ජල ගාස්තු මෙන්න

Admin

“අපිට වෙඩි තිබ්බොත් අපිත් වෙඩි තියනවා.” – පොලිස් ඇමති පාතාලයට අනතුරු ඇඟවයි

Admin