Colombo Today Local News

මුල­තිව් කුරු­ඳු­මලේ විහා­ර භූමියෙන් ශිලා ලිපි­යක කොට­සක් සොයා ගනියි.

මුල­තිව් තන්නි­මු­රුප්පු කුරින්දි සිරි­ස­ඝබෝ විහාර (කුරු­ඳු­මලේ විහා­රයේ) භූමියේ තිබු ශිලා ලිපි­යක කොට­සක් පුරා­විද්‍යා නිල­ධා­රීන් සොයා ගෙන තිබේ.

වවු­නි­යාව පුරා­විද්‍යා ප්‍රාදේ­ශීය කාර්යා­ලයේ ගවේ­ෂණ හා සංර­ක්ෂණ අංශයේ හා මුල­තිව් කලා­පයේ පුරා­විද්‍යා නිල­ධා­රීන් එම ශිලා ලිපියේ කොටස සොයා ගැනී­මෙන් පසුව කොළඹ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අභි­ලේ­ඛන හා නානක විද්‍යා අංශයේ නිල­ධා­රීන් පිරි­සක් මුල­තිව් කුරු­දු­මලේ ප්‍රදේ­ශ­යට පැමිණ එම ශිලා ලේඛ­නයේ කොටස පිට­පත් කිරීමේ කට­යුතු ආරම්භ කොට තිබේ.

මීට පෙර නිධන් හොරුන් මෙම ශිලා ලිපිය කොටස් වලට කඩා බිඳ දැමී­මෙන් පසුව කොට­සක් පුරා විද්‍යා නිල­ධා­රීන් සොයා­ගෙන තිබූ අතර අනෙක් කොටස කාල­යත් සමඟ පස් වලින් වැසී ගොස් තිබූ නිසා සොයා ගැනී­මට නොහැ­කිව තිබුණි.

මුල­තිව් පුරා­විද්‍යා නිල­ධා­රීන් සඳ­හන් කරන්නේ මෙම සෙල්ලි­පිය පේලි 50 කින් පමණ සම­න්විත සෙල්ලි­පි­යක් බවත් එහි තවත් කොටස් සෙවීම සඳහා ඉති­රිව ඇති බවත්ය.

මෙම ගවේ­ෂණ කට­යු­තු­ව­ලදී කුරු­දු­මලේ විහා­රා­ධි­පති හිමි­යන් හා යුද හමු­දාව පුරා­විද්‍යා නිල­ධා­රීන්ට විශාල සහ­යෝ­ග­යක් ලබා දී තිබේ.

Related posts

ලොකු සද්ද දැමු පොඩි ලැසීගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි

colombotoday

“එදා ක්‍රීඩා ඇමති මහින්දානන්ද නෙමෙයි නාමල්.. වනජීවී ඇමති බැසිල්.. අද අපි නිදහස්” – විජයමුණි සොයිසා

colombotoday

ස්වශක්ති ණය යෝජනාව අනුමතයි

colombotoday

දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි

colombotoday

ලෝක අර්ථික සංවර්ධන දර්ශකයේ ලංකාව අඩියක් පහතට..

colombotoday

තව මාසයක් දීග කාල බලමු.. ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ජනපති අද කීව දේ මෙන්න

colombotoday