Colombo Today Local News

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස දෙකකට සංචරණ සීමා පනවා තිබේ.

ඒ අනුව වටවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ වැලිඔය – දඩුකැලේ පහළ කොටස සහ ගිනිගත්හේන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ කෙනිල්වර්ත් වත්ත – බ්ලැක්වෝටර් ඉහළ කොටසට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා පැන වේ.

කොවිඩ් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වීමත් සමග එම තීරණය ගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා සඳහන් කරයි.

පළාත් සෞඛ්‍යය අධ්‍යක්ෂ සේවා කාර්යාලයේ දී අද (03)දින පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළඹ ඇත.

බ්ලැක්වෝටර් වත්ත ඉහළ කොටසින් ආසාදිතයින් 15ක් සහ දඩුකැලේ වත්ත පහළ කොටසින් ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වී තිබේ.

Related posts

ජී.එල්. පීරිස් මුදල්වල වැඩ බලන්න පත් කරයි

colombotoday

තුෂාන් ගුණවර්ධන සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වීම ගැන ඇමැති බන්දුලගෙන් සී.අයි.ඩීයට චෝදනාවක්

colombotoday

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

colombotoday

ජාතික ආණ්ඩුව ලැජ්ජ නැති වැඩක්.. ඒත් ව්‍යාවස්ථානුකූල නිසා නඩු දමා වැඩක් නෑ

colombotoday

රණවිරු දියණිය ඉදිරියේ හෙළිවුණු එක්සත් ජාතීන්ගේ නිරුවත !

colombotoday

මාර්ග නීති කඩකළ රියදුරන්ට දඩ ගෙවීමට සහනදායී පිළිවෙතක්

colombotoday