Colombo Today Local News

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

කොවිඞ් 19 රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා ලබාදුන් ප්‍රවාහන පහසුකම් නැවැත්වීමෙන් සෞඛ්‍ය සේවාව බරපතල අනතුරක වැටෙනු ඇතැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමය කියයි.

එම ප්‍රවාහන පහසුකම් යලි ලබා නොදුන්නොත් ඇතිවී ඇති දැඩි අපහසුතාවන් නිසා රෝහල්වල උණුසුම් තත්ත්වයක් ඇතිවිය හැකි යැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා අද (03) පැවසීය.

මධ්‍යම රජයේ රෝහල්වල කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරීම සඳහා ගමනා ගමන මණ්ඩල බස්රථ ලබාදී තිබු අතර ඒ සඳහා ප්‍රතිපාදන ගෙවනු ලැබූයේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් බවත් එම බස්රථවල යන සියලු හෙද නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩල ඒ සඳහා ටිකට් පත් ලබා ගැනීම ද සිදු කළ බව රත්නප්‍රිය මහතා කීවේය.

මෙසේ කාර්යමණ්ඩල සඳහා ප්‍රවාහන පහසුකම් නතර කිරීම නිසා ඔවුහු බරපතල අපහසුතාවන්ට පත්වූ බවත් බොහෝ දෙනෙක් විශාල මුදලක් ගෙවා ත්‍රිරෝද රථවල හා වෙනත් පෞද්ගලික ප්‍රවාහන ක්‍රම භාවිතා කරමින් පැමිණ ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මෙවැනි බැරෑරුම් අවස්ථාවක ප්‍රවාහන පහසුකම් ලබා දී සේවයට ගෙන්වා ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම යැයි ද අමාත්‍යංශය මගහරින්නේ නම් ජනතාවට සෞඛ්‍ය සේවාව ලබා දීම ප්‍රශ්නයක් වනු ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

Related posts

මහින්ද අගමැති ලෙස පිලිගනිමින් කතානායකගෙන් නිවේදනයක්…

colombotoday

ජොන්ස්ටන් සහ රත්තරන් නායකත්වය දුන් දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය අඩුයි.

colombotoday

මංතීරු නිතීය අද සිට යළි ක්‍රියාත්මකයි

colombotoday

දෙවියන් වහන්සේ වෙනුවෙන් බෝම්බ පුපුරවන්න යන්න එපා…මැල්කම් රංජිත් කාදිනල්තුමා නත්තල් මංගල පූජාව පවත්වමින් පවසයි

colombotoday

ඩී.එස් ගුණසේකර සමාගමට සිගරට් ගන්න ලංකා බැංකුවෙන් ලක්ෂ 31500ක් දීලා. | අනුර කුමාර දිසානායක

colombotoday

යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවට අනියුක්ත කරයි

colombotoday