Colombo Today Local News

දකුණු ලංගමයේ දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළ යයි

පාසල් විවෘත කිරීම හා කාර්යාල සේවකයින් සිය කාර්යාලවලට වාර්තා කිරීමත් සමග දකුණු පළාතේ ලංගමයේ දිනක ආදායම ලක්ෂ 6කින් වැඩි වී ඇති බැව් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලයේ ප්‍රධාන කළමණාකරු ආර්.වී ප්‍රභාත් කුමාර මහතා පවසයි.

පාසල් ගුරුවරු, කාර්යමණ්ඩල, කාර්යාල සේවකයින් හා පාසල් දරු දැරියන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම මිට හේතුව බවද හෙතෙම පවසයි. කොරෝනා වසංගතයත් සමග දිනක ආදායම රුපියල් ලක්ෂ 25 දක්වා පහත වැටුණු බවත් මේ වනවිට එම ආදායම ලක්ෂ 30, 31 දක්වා වැඩිවෙමින් තිබෙන බවත් ප්‍රභාත් කුමාර මහතා පවසයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මගින් ඩිපෝ 11ක් පාලනය වන අතර සැම ඩිපෝවක් මගින් බස්රථයක් පිටවීමේ දි හා යලි ඩිපෝව තුලට ඇතුලත්වීමේ දි එම බස්රථ විෂබීජහරණය කරණ බවද ඒ මහතා පවසයි. කොරෝනා වසංගත තත්වය හමුවේ දකුණු පළාත තුල පසුගිය සතියේ ලංගම බස්රථ 325ක් දෛනිකව ධාවනය වු බවත් අද(30) දින ධාවනය කරන බස්රථ සංඛ්‍යාව 400 දක්වා වැඩිකිරීමට සැලසුම්කොට ඇති බවද හෙතෙම පවසයි. මිට අමතරව කොළඹ නගරය බලා සෑම ඩිපෝවකින්ම බස්රථ 04ක් යෙදවිමට සැලසුම්කොට ඇති බවද මගින්ගේ අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට කටයතු කරණ බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

“ලොකුම ප්‍රශ්නය මාධ්‍ය.. මාධ්‍ය කොතරම් කෑගැසුවත් මේ ආණ්ඩුව වට්ටනව බොරු“ අගමැති

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධිය. – කොටුවේ හාමුදුරුවෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

සජින් වාස් ජනපති සමග අම්බලන්ගොඩ ශ්‍රීලනිප වේදිකාවේ !

colombotoday

ඥාණසාර හිමි වැලිකඩ බන්ධනාගාරයට !

colombotoday

කන්ජිපානි ඉම්රාන්ගේ පියාත් අත්අඩංගුවට

colombotoday

ගාල්ල මකුළුලුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි – එකම පවුලේ 6ක් රෝහලට

colombotoday