Colombo Today Local News

බඩු මිළ ඉහළයාම ගැන අවදානය යොමුකරන්න – මල්වතු නාහිමි අගමැතිට කියයි

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදුවෙමින් පවතින බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකොට මහජනතාවට සහන සැලසිය යුතු බව මල්වතු අස්ගිරි මහනාහිමිවරු පවසති.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(22) දින මහනුවරදී මහනාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ උන්වහන්සේලා ඉහත අදහස් පළ කළහ.

ශ්‍රී දළදා මාලිගාවේ දී ආගමික වතාවත්හි නිරත වූ අග්‍රාමාත්‍යවරයා ඉන්පසුව මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු අනු නාහිමි පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමල ධම්ම නාහිමි බැහැදුටු අතර උන්වහන්සේ මෙහිදී සඳහන් කළේ මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත්ව සිටිනා බවය.

කෘෂි නිෂ්පාදන වෙළඳපොලට යාමේදී අතරමැදියන් විශාල වශයෙන් ලාබ ඉපයීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව පවතින බවත් මෙම තත්ත්වය පාලනය කොට ජනතාවට සහන ලබාදිය යුතු බවත් නාහිමියෝ පැවසූහ.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ රුපියල් 100ට පමණ තිබුණු ලොකු ලූනු කිලෝවක මිල හදිසියේම රුපියල් 150 කින් වැඩි කොට ඇති බවත් ඇතැම් කූට වෙළෙඳුන් ලුණු තොග හංගාගෙන අධික ලාභ ලබන බවත් මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනම් පියවර ගන්නා බවත් ය.

මෙම භාණ්ඩ මිල පහත නොයාම පසුපස කඩාකප්පල්, කුමන්ත්‍රණකාරී පිරිසක් සිටින බවට සැක කරන බවත්, ජනාධිපතිතුමන් දිවුරුම් දුන් දවසේ ම මෙම කඩාකප්පල්කාරීන් හාල් මිල පවා ඉහළ දැමූ බවත් මෙම මිළ පාලනය කිරිම සඳහා හැකි හැම දෙයක්ම කරන බවත් සඳහන් කළ අගමැති වරයා ,පසුගිය රජය සමයේ කුබුරු අක්කර ලක්ෂයක් වැඩ කිරීම තහනම් කිරීමද මෙම කෘෂි නිෂ්පාදනවල මිළ ඉහළ යාමට බලපා ඇති බවද මෙහිදී අවධාරණය කළේය .

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි පාණන් වහන්සේ

බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර උන්වහන්සේ ද ආග්‍රාමාත්‍යවරයා හමුවේ සඳහන් කළේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කිරීම කඩිනමින් කළ යුත්තක් බව ය.

Related posts

ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ලකෑමට එරෙහිව අපේ ජන බල පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

අගමැතිට 68යි.. උපන්දිනය අද

colombotoday

බැදුම්කර මගඩිය : පර්පෙචුවල් සමාගමට පනවා ඇති සිමා බලරහිත කරනු – පෙත්සම විභාගය හෙට

colombotoday

ජනපති ඇමරිකානු පුරවැසිභාවය 2019 අප්‍රේල් ඉවත් කරගෙන. ඇමරිකානු රජය නිවේදනය කරයි.

colombotoday

තමන්ට අනන්‍ය වූ ආකෘතියකින් ශක්තිමත් සම්පත් බැංකුව විනාශ කිරීමට ජාතිවාදය අවියක් කර ගැනීම

colombotoday

ජයසිරි මහ බෝ සමිඳු සිරි ලකට වැඩම කළ උඳුවප් පොහොය

colombotoday