Colombo Today Local News

ස්වයං නිරෝධායනය වෙමින් සිටි කතක් නිවස තුලදිම මිය යයි

බගවන්තලාව කැම්පියන් වතුයායේ ස්වයං නිරෝධානයට ලක් කර සිටි පවුලක අවුරුදු 69ක කාන්තාවක එම නිවස තුලදිම මිය යාමත් සමග එම මළ සිරුර පී. සී. ආර්. පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ගනේස් මහතා පවසයි.

මෙම කාන්තාවගේ දියණියක් පසුගිය 16වන දින කොළඹ ප්‍රදේශයේ සිට මෙම වතුයායේ නිවසට පැමිණීම හේතුවෙන් එම පවුලේ සියලුම දෙනා එම නිවස තුල ස්වයං නිරෝධානයට ලක් කර සිටි බවත් එසේ නිරෝධානයට ලක් කර සිටියදි මෙම කාන්තාව 28වන දින නිවස තුලදිම මිය ගොස් ඇති බවත් ගනේස් මහතා කියයි.

මිය ගිය කාන්තාව සිවු දරු මවකි.

පී. සී. ආර්. පරික්ෂාවෙන් පසු එම මළ සිරුර පිළිබදව අවසන් තීරණය ගන්නා බවද ඔහු පවසයි.

මේ වන විට බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 15දෙනකු හමුව ඇති බවත් එම තත්වයන් මත මෙම සෞඛ්‍ය බල ප්‍රදේශයේ පවුල් 150ක් පමනා ස්වයං නිරෝධානයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ගනේස් මහතා පවසයි.

Related posts

කොවිඩ් අවදානම නිසා දඹදිව වන්දනා චාරිකා තවකාලිකව අත්හිටුවයි

colombotoday

“ඒක හදන්නේ පුද්ගලික ඉඩමක.. මට කරන්න දෙයක් නෑ“ අරාබීන්ගේ ඉදිකිරීම ගැන ශ්‍රීපාද නාහිමි කියයි

colombotoday

සහල් ආනයනට පෞද්ගලික අංශයට අවසර

Admin

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ… මත් උවදුරක්නම් 1984 ට කියන්න…

colombotoday

අස්ගිරි මහා නාහිමියෝ අපවත් වී වදාළහ!

colombotoday

කොරියා තානාපතිනිය රුවන් විජයවර්ධන හමුවෙයි

Admin