රාජ්‍ය ආයතන කිහිපයක් ලබන වසරේ කොටස් වෙළදපොලේ විකිණීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ඉහළම පෙලේ ආයෝජකයක් සමූහයක් ඉදිරියේ හෙළිදරව් කළේය.
කොළඹ කොටස් වෙළදපොලේ තිස් වැනි සංවත්සර උළෙලේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් අගමැතිවරයා කොටස් වෙළදපොල් රාජ්‍ය ආයතන අලෙවි කිරීම ඒවායේ වර්ධනයට හේතු වනු ඇති බවට විශ්වාසය පල කළේය.
කෙසේ වෙතත්, විකණීමට යෝජිත රාජ්‍ය ආයතන හෝ නිකුත් කරන කොටස් ප්‍රමාණය ඔහු විසින් ප්‍රකාශ කළේ නැත.
රටේ මධ්‍යම පන්තිය කොටස් හිමියන් බවට පත් කිරීමේ අපේක්ෂාව පළ කළ අගමැති වික්‍රමසිංහ, ශ්‍රී ලංකාව ‘ඉහළ තරගකාරිත්වයකින් යුත් සමාජ ධනවාදයක්’ කරා ගෙන යාමට උපකාරී වන ලෙස කොටස් වෙළෙඳ පොලෙන් ඉල්ලා සිටියේය.