Colombo Today Local News

මාස එකහමාරේ බිලිඳිය රෝහලේ දමා මව පැන ගිහින් | මඩකලපුව පොලිසියෙන් පරීක්ෂණ

මඩකලපුව ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන මාස එකහමාරක් වයසැති දැරියක අත්හැර පලාගිය මවක සොයා මඩකලපුව මූලස්ථාන පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ. මෙලෙස පලාගොස් ඇත්තේ මඩකලපුව සිත්තාන්ඩි ප්‍රදේශයේ කාන්තාවක වන අතර ඇය දරුවා ප්‍රසූත කර ඇත්තේ ඉකුත් සැප්තැම්බර් 20 වැනිදාය.

ඇය විසින් රෝහල් ගත වීමේදී ලබාදී ඇත්තේ ව්‍යාජ ලිපිනයක් යැයි එරාවුර් පොලිසිය විසින් මඩකලපුව පොලිසිය වෙත වාර්තා කර තිබිණි.

මෙම දැරිය බර අඩුවීම හේතුවෙන් මේ දක්වා රෝහල් නොමේරු ළදරු ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

Related posts

සීඅයිඞීය කරන්නාගොඩගෙන් පැය 8 ක් ප‍්‍රශ්න කරයි

colombotoday

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

colombotoday

“උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නෑ.. ඒ ජනතාවගේ ජීවිත නගා සිටුවීමයි අවශ්‍ය” – අස්ගිරි මහානාහිමි

colombotoday

සමගි වෙන්න කතා කරලා වෙන වෙන කොන්දේසි දානවා… මේක නොකෙරෙන වෙදකමක් !

colombotoday

තුන්වන පාසල් වාරය අදියර තුනකින් – නිවාඩුව ලැබෙන විදිහ මෙන්න

Admin

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

colombotoday