Colombo Today Local News

ලංගමේ මළගම අත ළගයි… මට්ටක්කුලිය සහ තවත් ඩිපෝ කිහිපයක් විකුණා දැමීමේ සූදානමක්!

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කෝටි ගණනක පාඩු ලබන ආයතනයක් බව ප්‍රකාශ කරමින් එහි දේපළ ව්‍යාපාරිකයන්ට පවරා දෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ලංගමය විනාශ කර එහි මළගම සිදු කිරීම සදහා පැහැදිළි ලෙසම මැදිහත් වී සිටින බව සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමය චෝදනා කරනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් සදහන් කරන්නේ මේ වන විටත් මට්ටක්කුලිය ඇතුළු තවත් ඩිපෝ කිහපයක ඉඩම් ව්‍යාපාරිකයන්ට පවරා දීම සදහා මිනුම් කටයුතු සිදු කරමින් සිටින බවයි. පසුගිය දිනක රවී කරුණානායක ඇමතිවරයා මට්ටක්කුලිය ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට ගොස් ඇති අතර එම ඩිපෝව එම ස්ථානයෙන් ඉවත් කර ව්‍යාපාරිකයන්ට පවරාදීම ගැන සාකච්ඡා කර ඇති බවද ප්‍රවාහන සේවක සංගමය පවසනවා.

එම ලිපිය පහතින්

Related posts

මුස්ලිම් නායකයන් රටට විහිළු සපයලා ත්‍රස්තවාදීන්ට අනුබල දෙන්න එපා – මොහොමඩ් මුසම්මිල් ඉල්ලයි

colombotoday

බේරුවල මව සහ බිළිඳා කොළඹ යවා, වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට

colombotoday

පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායාම කරන ලෙස දන්වයි

Admin

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරයි

Admin

අපිට සල්ලි දෙන්නෙ ඩයස්පෝරාව තමයි

Admin

“ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා”

Admin