Colombo Today Local Newsfeatured

“ඉස්ලාම් ආගම පිළිකාවක්. ලංකාව ලේ විලක් කිරීමේ තර්ජනයක් තිබෙනවා.” 2016 දී ඥානසාර හිමිගේ ප්‍රකාශයට එරෙහි පැමිණිල්ල ගොනු කිරීමට නියෝග

2016 ජුලි 8 හෝ ඊට ආසන්න දිනකදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් “ඉස්ලාම් ආගම පිළිකාවක්. එය අතුගා දැමිය යුතු බවත්, ඉස්ලාමිය ආගමිකයින් ලන්ඩන් සහ පැරිස් නගරයත් ලේ විලක් ලෙස පත්කිරීමට තර්ජනයක් ඇති බවත් එවැනි තර්ජනයක් ලංකාවටත් ඇති බව අර්ථ කථනය කරමින් ප්‍රකාශ කල බවත්” සඳහන් කරමින් එම නිසා මුස්ලිම් ආගමිකයින්ට බරපතල ලෙස අපහාසාත්මක සහ නින්දාකාරි ලෙස ප්‍රකාශ කළා යැයි චෝදනා කරමින් අංක 17/12 ඒ, කර්ල්ෂු ගාඩ්න්, බොරැල්ල, කොළඹ 08 ලිපිනයේ පදිංචි මොහොමඩ් මෂුඩ් මොහොමඩ් රිකාෂ් නමැති පුද්ගලයෙකු ඉදිරිපත් කල පැමිණිල්ලකට අනුව ගොනු කර ඇති නඩුව අද (17) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා.

නීතිපති විසින් ලාබාදුන් උපදෙස්වලට අනුව “අපි මේ ඉස්ලාමය නැමති පිළිකාව අතුගා දාන්ඩ” යැයි පැවසීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 291(ආ) වගනිතිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකල බවට චෝදනා කෙටුම්පත් කර ඇත.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සංජය ආරියදාස මහතා 2016 වසරේදී පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිදුකල ප්‍රකාශයේ කරුණු පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් සත්‍ය වූ බව පැවසීය.

එහිදී මීළඟ නඩු දිනයට පැමිණිල්ල ගොනුකරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර සිටි මහේස්ත්‍රාත් වරයා නඩුව නොවැම්බර් 16 වනදා දක්වා කල් තැබීය.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න සහ නීතිඥ සංජය මාරඹේ යන මහත්වරු පෙනී සිටින ලදි.

Related posts

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක් – රුසියානු ජනපති පුටින්

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරුන් 07 කට පාර්ලිමේන්තු උසස් කාරක සභා අනුමැතිය

colombotoday

කේරළ ගංජා කිලෝ 104කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ තීරණයක්

colombotoday

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දා මෙරට නිල සංචාරයක

colombotoday

ත්‍රීරෝද රථ වලට විශේෂිත පිරවුම්හල් | ලබන අවුරුද්දෙත් තෙල් පෝලිම්

colombotoday