Colombo Today Local News

කාලගුණයෙන් රතු නිවේදන

දිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක අද (09) දිනයේ සුළඟේ වේගය තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකිය.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ භාවිත කිරීමේ දී ධීවර හා නාවික ප්‍රජාව සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

තවත් කොටි සැකකරුවන් පිරිසක් ඇප නැතිවම නිදහස් කරයි

colombotoday

ගෝඨාභය දුමින්දට ජනපති සමාවදීම නීතියට පටහැනී

Admin

LTTE නායකයන් අපෙක්ෂා කල විමුක්තිය ජනතාවට ලබා දෙන බව TNA පොරොන්දු වෙයි

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

2020න් පසුවත් ජනපති මෛත්‍රීමයි !! (Video)

colombotoday

ජෝශප් පරරාජසිංහම් කවුද කියලවත් මා දන්නේ නෑ. – පිල්ලෙයාන් කියයි

colombotoday