Colombo Today Local News

“ග්‍රාම රාජ්‍ය, නගර රාජ්‍ය” සංකල්පයට අනුව අපි ගම හදා රට හදනවා

රටේ අසරණ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම වෙනුවෙන් සමගි ජන බලවේගය මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇති බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් ඊයේ (23)දින පස්වරුවේ බදුල්ල කන්දකැටිය ප්‍රදේශයේ දී පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබන බවට තමන් තරයේ විශ්වාස කරන බවයි.

අලුත් ආණ්ඩුව තුළින් “ග්‍රාම රාජ්‍ය, නගර රාජ්‍ය” සංකල්පය මේ වන විට සැළසුම් කර ඇති බවත් එමඟින් ගම හදා රට හැදීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

රාජ්‍ය වියදම් කපන චක්‍රලේඛය මෙන්න

colombotoday

රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේ මගඩියක්…

colombotoday

රුපියල තවත් බාල්දු වෙයි

Admin

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

නාදුනන කල්ලියක් කිලිනොච්චියේදී හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ වම් අත් කපා දමයි

colombotoday