Colombo Today Local News

රට බංකොලොත් වී ඇති බව අගමැති මහින්ද කියයි

පුංචි රබර් කෑල්ලේ සිට ප්‍රධාන කෘෂි බෝග දක්වා පිටරටින් ගෙන්වීමට පසුගිය යහපාලන රජය කටයුතු කළ බැවින්, රට බංකොලොත් භාවයට පත් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ නිසි ක්‍රමවේදයක් නොමැතිව භාණ්ඩ ආනයනය කිරීම හේතුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් පිටරටට ඇදී ගිය බවයි.

රුපියලේ අගය 132 ක් ව පැවතිය දී යහපාලන රජයට ආණ්ඩුව භාර දුන් නමුත් රුපියලේ අගය රුපියල් දෙසීයකට ආසන්න ඉහළ තත්වයකට ගෙන ඒමට යහපාලන රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තීන් හේතු වූ බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වර්තමානයේ දී රජය ගෙනයන සැලැස්මක් සහිත ආර්ථික වැඩපිළිවෙළ නිසා ගෝලීය වසංගත තත්වය හමුවේ වුවත් රුපියලේ අගය 188 ක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව ද මෙහිදී පෙන්වා දුන්නේය.

Related posts

ඡන්ද පොරොන්දු ඉටු කරන්න අසීරු තත්ත්වයක්

Admin

ජනපති කියන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගැන මා දන්නේ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday

මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක බලපත්‍ර තවදුරටත් අත්හිටුවයි

Admin

සංචරණ සීමා කාලය තුළ මගී දුම්රිය ධාවනය අත්හිටුවයි

colombotoday

“ඉන්නවනම් කට වහන් ඉනු.. බැරිනම් යනු“ එජාපය ශ්‍රීලනිප ඇමතිලාට කියයි (Video)

colombotoday

සිවිල් ආරක්ෂක සේවයේ 400කගේ විශ්‍රාම වැටුප් ගෙවා නෑ

colombotoday