Colombo Today Local News

පැතිර යන අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන්න- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් රට තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තාවිමත් සමග රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරිමට හා ඇඳිරි නීතිය පැණවිමට කටයුතු කරන බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් පාර්ශව විසින් එම අසත්‍ය ප්‍රකාශ අඛණ්ඩව සමාජගත කරමින් සිටින බවට නිරික්ෂණ වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් රට තුළ ඇති වූ නව වෛරස ආසාදිත ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාවට නංවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ බැවින් රජය විසින් මේ දක්වාත් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරිමට හෝ ඇඳිරි නීතිය පැණවිම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සඳහන් කරයි.

මෙවැනි අසත්‍ය ප්‍රචාර සමාජ ගත කරමින් සමාජය තුළ අනවශ්‍ය කැළඹිමක් ඇති කිරිමට කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස රජය අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.

එබැවින් යම් පුද්ළයෙකු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වුවහොත්, ඒ බව සහ එම තත්ත්වය සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හා සමාජ දැනුවත් විය යුතු සියලු කරුණු පිළිබඳ නිල තොරතුරු ක්ෂණිකව ජනතාව වෙත දැනුම් දීමට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

colombotoday

සනත් නිශාන්ත උපරිමාධිකරණට

Admin

“මහින්දට ආරක්ෂාව මදිනම් ගෙදරට වෙලා දොර වහන් ඉන්න කියන්න“ – ෆොන්සේකා

colombotoday

Photos: උතුරු කොළඹ අපේක්ෂකයන් සමග රවී කරුණානායක ආගමික වතාවත්වල

colombotoday

මහවිරු සැමරුමට සැරසෙද්දී සිවාජිලිංගම්ට සර්පයෙක් දෂ්ට කරලා

colombotoday

සුදු පැළ කීඩෑ හානියෙන් වී ගොවිතැනට බලපෑම්..

Admin