Colombo Today Local News

ඥානසාර හිමිට එරෙහි නඩුවෙන් විනිසුරු පද්මන් සුරසේන ඉවත් වෙයි

සන්දයා එක්නැලිගොඩ සහ පාක්‍යසොක්ති සරනමුත්තු යන දෙදෙනා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව ඊයේ (26) දිනයේදී කැඳවන ලදි.

එහිදී ශ්‍රේෂ්ඨාදිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා තමා මෙම නඩුවෙන් ඉවත් වන බව සදහන් කරන ලදි. මීට පෙර අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කරන සමයේදී පද්මන් සුරසේන මහතා විසින් ඥානසාර හිමිට වසර 19ක බරපතල වැඩසහිත සිර දඬුවමක් වසර නමයකින් ගෙවීයන පරිදි පැනවීය. ඊට මාස කිහිපයකට පසු ඒ මහතාට ශ්‍රේෂ්ඨාදිකරණ විනිසුරු ලෙස උසස්වීමක් හිමි විය.

ඊයේ දින ඥානසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, නීතිඥ තිශ්‍ය වේරගොඩ, ඉරේශ් සෙනවිරත්න, සංජය මාරඹේ, ප්‍රතාප් වැලිකුඹුර,මෙනුශා ගමගේ යන මහත්ම මහත්මීන් පෙනී සිටින ලදි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ නීතිඥ පුලස්ති රූපසිංහ යන අයද පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ අස්තික දේවේන්ද්‍ර සහ පුලස්ති හේවාමාන්න යන නීතිඥවරුන් සහ රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තුමේන්තු නීතිඥවරුන්ද සහබාගී විය.

ඒ අනුව මෙම නඩුව විනිසුරු පදිමන් සූරසේන මහතා නොමැතිව වෙනත් විනිසුරුවරු මඩුල්ලක් ඉදිරියේදී ඔක්තොම්බර් 19 වන දින නැවත කැදවෙනු ඇත.

Related posts

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

colombotoday

පොල් තෙල් නිෂ්පාදනාගාරයක් ගිනි බත් වෙයි

colombotoday

දැරියක දම්වැල්වලින් බැඳ කුකුළු කූඩුවක දමලා | පියා සහ නැන්දා අත්අඩංගුවට

colombotoday

“අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”

Admin

රාජ්‍ය අනුග්‍රහයෙන් අස්ගිරි මහානාහිමියන්ට මඩ ගැසූ භික්ෂුවට කළකම් පල දේ..!

colombotoday

හරීන් අගරදගුරුතුමා සම්බන්ධව කළ විවේචනාත්මක ප්‍රකාශය සමගි ජනබලවේගය කළඹයි

colombotoday