World

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 90 ඉක්මවයි

ලොවපුරා වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන ලක්ෂ 90 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව රටවල් සහ ස්වාධීන රාජ්‍ය 213කින් වාර්තා වන ආසාදිතයින් ගණන 90 ලක්ෂ 37,950ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව හාරලක්ෂ 69, 603ක් බව සඳහන්.

කෙසේවෙතත් ආසාදිතයින් හතළිස් හත් ලක්ෂ 97, 466 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති අමෙරිකාවේ පසුගිය පැය 24 තුළ ද නව ආසාදිතයින් 25, 221 දෙනෙකු හදුනාගැනීමත් සමඟ එරටින් වාර්තා වන ආසාදිතයින්ගේ ගණන 23 ලක්ෂ 55, 799ක් බව සඳහන්.

දෙවනියට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාව බ්‍රසීලයෙන් මේ වන විට ආසාදිතයින් දස ලක්ෂ 86, 990 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

Related posts

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටෙයි(Video)

colombotoday

ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර් දැඩිසත්කාර ඒකකයට

colombotoday

බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට

colombotoday

සයිප්‍රසයේ භූ කම්පනයක්

colombotoday

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

colombotoday

ආර්ථිකය ගොඩ ගන්න පාකිස්ථානු අගමැතිගෙන් දැඩි තීරණයක්…

colombotoday