Colombo Today Local News

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කල 15දෙනා යලි රිමාන්ඩ්

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 15 දෙනෙකු ලබන 29 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අදාළ සැකකරුවන් අද (15)දින උදෑසන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතරුව මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

2019 ජනවාරි මස 2 වන දා ඊට ආසන්න දිනයක දී මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කීපයක බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය හා මාවනැල්ල පොලීසිය ඒකාබද්ධව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිණි

Related posts

ජනපතිගේ උදව් එපා.. අවුරුදු විසි එකක් විපක්ෂ නායක කමේ පුටුව රත් කර කර ඉන්න ඕනෙ නෑ – සජිත් කියයි

Admin

සේරුවිල ප්‍රාදේශීය සභාවේ ගැටුමෙන් මාස දෙකක මන්ත්‍රී දීමනාව නවතී

colombotoday

අධිකරණය වන්දි ගෙවා නිම නොකල මෛත්‍රී ඇතුළු පිරිසගේ වත්කම් සොයයි

Admin

මුදල් ඇමති කිව්ව මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව

colombotoday

නියෝජ්‍යය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට

colombotoday

පස් කන්දක් කඩා වැටී බදුල්ල – කොළඹ මාර්ගය වැසේ

Admin