Colombo Today Local News

මැතිවරණ කොමිසම හාස්‍යයට ලක් වෙලා

මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට ජනතාව විසින් හාස්‍යය ට ලක්කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක රියර් අද්මිරාල් සරත් විරසේකර මහතා පවසයි.

නිවැරදි කොන්දෙසි ලබා නොදීම තුළින් ජනතාව ව්‍යාකූල තත්ත්වයට පත් ව ඇති බව ද ඒ මහතා පැවසීය.

මෙම තත්ත්වය උදා වුයේ 19වන ව්‍යාවස්ථා සංශෝධනය නිසා බවත් එයට තනිවම හෝ විරුද්ධවීමට තමන්ට හැකි වීම සම්බන්ධයෙන් සතුටු වන බවත් කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේය.

ජනතා අපේක්ෂා මඟහැර රජයක් කටයුතු කරන්නේ නම් අවුරුද්දකින් පසුව එවැනි රජයක් විසුරුවාහැරීම සඳහා ජනාධිපතිවරයෙකුට බලයක් තිබිය යුතු බවත් 19වන සංශෝධනයෙන් සිදු වුයේ එම බලය වසර හතරහාමාරක් දක්වා දිර්ඝවීම බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

අධිකරණ ඇමති දැඩි තීරණයක් ගනී !

colombotoday

වෙනස් වූ දුම්රිය ගාස්තුව අද සිට ක්‍රිියාත්මකයි…

colombotoday

රටේ කිසිම ලුණු හිඟයක් නෑලු

Admin

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday

රිෂාඩ් බදියුදීන් මක්කමින් ශ්‍රේෂ්ඨාධිකරණයට….

colombotoday

අවදානම බැහැර වී නෑ. මහා මැතිවරණය කල් දමන්න – බොදු බල සේනා රජයට කියයි

colombotoday