World

ජෝර්ජ් ෆ්ලොයිඩ් කළු ජාතිකයා ඝාතනයට එරෙහිව අමෙරිකාව පුරා ආරම්භ වූ විරෝධතා තවදුටරත්

ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයා ඝාතනයට ලක්වීමට එරෙහි විරෝධතා අමෙරිකාව පුරා තවදුටරත් ක්‍රියාත්මකයි.

මේ අතර කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝද දනහිස බිම තබමින් ජාතිවාදයට එරෙහි විරෝධතා සඳිහා සහාය පළකළ ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද සමස්ත ලෝකයටම පාඩම් කියාදෙන අමෙරිකාව එනම් ලෝක පොලිස්කාරයා මොහොතකට සලිත කරමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා පොලිස් නිලධාරියෙකුගේ කෘරත්වය හමුවේ ජීවිතයට සමුදුන්නේ පසුගිය මාසයේ 25 වැනිදායි.

ෆ්ලොයිඩ්ගේ ඝාතනයෙන් දැඩි සේ ආවේගයට පත්වූ කළු අමෙරිකානුවන් අතරින් හටගත් විරෝධය අදවනවිට අමෙරිකාවම කම්පාවට පත් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔවුන් මවාගෙන තිබූ ප්‍රතිරූපයටද හානි කරමින්ය.

මිනායාපොලිස් නගරයේ සිට ආරම්භ වූ විරොධතා වොෂින්ටන් අගනුවර ධවල මන්දිරය දක්වාත්, ඉන් ඔබ්බට ගොස් ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, කෙන්යාව වැනි තවත් රටවල් දක්වාත් ව්‍යාප්ත වී හමාරයි.

වොෂින්ටනයේ ධවල මන්දිරය ඉදිරිපස ජනතාව විරෝධතා සදහා එක්වූ චතුරස්‍රය විරෝධතාකරුවන්ගේ ප්‍රධාන පාඨයක් අනුසාරයෙන්, බ්ලැක් ලයිව්ස් මැටර්ස් ප්ලාසා ලෙසින් නම්කෙරුණි.

කළු ජාතිකයින්ගේ ජීවිතද වටිනවා යන්න මෙම වදනේ අර්ථය වූ අතර, ධවල මන්දිරය වෙත දිවෙන මාර්ගයද ඒ අනුව නම්කිරීම නගරාධිපතිනී මියුරියල් බොවුසර් කටයුතු කළේය.

එමෙන්ම විරෝධතා විසුරුවා හැරීම සදහා අගනුවරට කැදවා ඇති හමුදා ඛණ්ඩ විසුරුවා හරින ලෙසත් මෙහිදී ඇය ඉල්ලා සිටියේය.

මේ අතර කැනඩාවේ පැවැති ජාතිවාදයට එරෙහි විරෝධතාවකට එක්වු කැනේඩියානු ජනාධිපති ජස්ටින් ටෘඩෝ දණහිස බිම ඔබා ඔවුන්ට සහාය දැක්වූවේය.

පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැති නෝ ජස්ටිස් නෝ පීස් නමැති මෙම විරොධතාවට අගමැතිවරයාද එක්වුණේ සියලුදෙනා මවිතයට පත්කරමින්ය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කළේ අගමැතිවරයාගේ ක්‍රියාව බොහෝදෙනාගේ ගෞරවය දිනාගෙන ඇති බවයි.

Related posts

මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනියට වසර 6ක සිර දඬුවම්

Admin

ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුරින් ජීවිත 160ක් අහිමියි

colombotoday

ඉතිහාසය හරාම්, ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයෝ පැල්මයිරාවේ විජග්‍රහණයේ ආරුක්කුව සුන් කරයි – Video

colombotoday

වැසිකිළි දෙකක් හදා දුන් කාන්තාවකට ඉන්දීය අගමැති මෝදි වැද නමස්කාර කරයි

colombotoday

මිල සීමාව ක්‍රියාත්මක රටවලට රුසියානු බොරතෙල් අපනයනය තහනම් කරයි

Admin

දේව මෙහෙයකට සහභාගී වු 40 කට කොරෝනා

colombotoday