Colombo Today Local News

සූදු ක්‍රීඩා කල සමගි ජන බලවේගයේ අපේක්ෂක ඇතුළු පිරිසක් රිමාන්ඩ්

නාවලපිටිය නගර සභාවේ සභාපති සහ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක සසංක සම්පත් සංජිව ඇතුළු ඔහුගේ ආධාරකරුවන් හත් දෙනෙකු මේ මස 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරීමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා (01) දින නියෝග කළේය.

නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් හත්දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ සංචාරක නිකේතනයක මුදලට සූදු ක්‍රිඩාවේ යෙදුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිස් ස්ථානයේ කොට්ඨාශ දූෂණ මර්දන එක්කයේ නිලධාරින් ඊයේ (30) දින පස්වරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද  (01) දින අධිකරණය වෙත ඉදිරිපත් කළ බව පොලිසිය කීය.

පොලිසිය වැටලිම සිදු කරන අවස්තාවේ තවත් සැකකරුවන් 12 දෙනෙකු පලා ගොස් ඇති අතර , මුදලට සුදු ක්‍රිඩාවේ යෙදිමට උපයෝගි කරගත් කාඩ් කුට්ටම් හතරක් , මුදලින් රු හැට දෙදෙහසක් , සභාපතිවරයාගේ පෞද්ගලික අධි සුපෝගබෝගි ජිප් රථය , තවත් මොටර් රථයක් සහ රා බෝතල් කිහිපයක් තිබි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ සිටි සැකකරුවන් 12 දෙනෙකු පලා ගිය බවත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත නිසා මෙම සැකකරුවන් මේ මස 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර බන්ධනාගාර නිලධාරින් හරහා ඔහුන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කරන ලෙස ගිනිගත්හේන පොලිසිය මහෙස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේය.

Related posts

සමරිසි ආලය පිහි ඇනුමකින් කෙළවර වෙයි…

colombotoday

විදුලි අර්බුදයට හේතුවී ඇති විදුලිබල පනත සංශෝධනයට විශේෂ කමිටුවක්

colombotoday

බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් අත්අඩංගුවට

colombotoday

දේශපාලන කුණාටුව අස්සේ ඇමරිකානු නාවික හමුදාව ලංකාවට…. නාවික කදවුරක් ඇරඹීමට සූදානම්

colombotoday

යහපාලන නඩුවකින් ඥානසාර හිමියන් නිදහස්

Admin

ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය තමන් වෙත ලබා ගැනීමේ සැලසුමක්

colombotoday