Colombo Today Local News

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන්  බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි තවත් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලලිත් චුල්ලසුමන පෙරේරා නැමැති 73 හැවිරිදි එක්දරු පියෙකි.

ලලිත් චුල්ලසුමන පෙරේරා මහතා එම වයිරසය ආසාදනය වීම හේතුවෙන් ලන්ඩන් නුවර  චෙයාරින් ක්‍රොස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ සංකුලතා නිසා ඊයේ (07) අභාවප්‍රාප්ත වී ඇත.

කලක පටන් එරට පදිංචි වී සිටි ඒ මහතා සිය බිරිඳ සමඟ එරට අවන්හලක්  පවත්වා ගෙන ගිය අතරම ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ අයෙක් යැයිද එරට තානාපති ආරංචි මාර්ග කියා සිටී.

පෙරේරා මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ ඉසිපතන විද්‍යාලටේ ආදි ශිෂ්‍යයකු වන අතර එම විද්‍යාල වල බ්‍රිතාන්‍ය ආදි ශිෂ්‍ය සංගම් ශාඛාවල ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසින් හා ලන්ඩන් බෞද්ධ විහාරයේ ප්‍රධාන දායකයෙකු ලෙසින් කටයුතු කර සමාජ සේවයෙකුද වේ.

මෙම මරණයත් සමඟ මේ වන විට බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයින් සිව් දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලක්ෂේන් විජේරත්න , හෙන්රි ජයවර්ධන සහ අනුර ගාල්ලගේ මීට පෙර කොරෝනා වයිරසය ආසාදනය වී එරටදී  මරුමුවට පත්වූහ.

මීට අමතරව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනෙකුද කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් වයස අවුරුදු 32 ක් සහ 43 හැවිරිදි වියේ පසුවූ යාපනය පදිංචිව සිට එරටට පැමිණි අය බවද තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී

Related posts

කොරෝනාවෙන් ප්‍රංශයේ මියයන මුස්ලිම් ජාතිකයන් වලලන්න ඉඩදුන් ජනපතිට, බදුර්දීන්ගේ ස්තුතිය

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ

Admin

ඉලක්කයකට වැඩ කළොත් රටේ ආර්ථිකය ගොඩනැගීමට වැවිලි ක්ෂේත්‍රයට පුළුල් දායකත්වයක් දිය හැකියි. ජනපති කියයි

colombotoday

අධික වැසි හමුවේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට බාධා… ප්‍රධාන මාර්ග දෙකක ගමනා ගමනය ඇණහිටී

Admin

කොළඹ ඉඩම සිංගප්පූරුවට විකිණුවේ නෑ… බදු දුන්නා පමණයි !

colombotoday

අවුරුදු සමයේ විශේෂ දුම්රිය සටහනක්

Admin